කල්මුණේ පෙරියනීලාචනී පොලිස් වසමේ විශ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී  පාසල් වෑන් රියකට යටවීමෙන් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

සිය වැඩිමල් සහෝදරිය පාසල් රැගෙන යාම සඳහා පැමිණෙන වෑන් රිය සහෝදරිය නංවාගෙන ඉදිරියට යද්දී මෙම දරුවා වෑන්රියට යටවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවූ අවස්ථාවේදීම දරුවා කල්මුණේ රෝහලට රැගෙන ගියද ඔහු මිය ගිය බව පොලීසීය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.