
(ජේ.එල්.ජයසිංහ, ෂේන් සෙනෙවිරත්න සහ චන්දන උඩුවාවල)
දිගන කෙන්ගල්ල මාර්ගයේ ඉඩමක තිබූ දිරාගිය සියඹලා ගසක් පාසල් සිසුන් රැගෙන ගියවෑන් රියකට කඩා වැටී සිදුවන්නට ගිය හානිය වළක්වා ගැනීමට යාමෙන් වෑන්රිය අනතුරට ලක්වී පස් දෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
මාර්ගයේ තිබු ගස එක්වරම කඩා වැටීමත් සමඟ එය දුටු වෑන් රියදුරු අනතුර වළක්වා ගැනීම සඳහා උත්සාහා කිරීමේ රිය රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඇති බැම්මක හා දුරකථන කණුවක හැපී ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි .
අද (10) මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
වාහනේ ගමන් ගත් ගුරුවරියන් දෙදෙනෙකු හා පාසල් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය කියයි .
එම දිරාගිය සියඹලා ගස ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් විසින් ඉඩමේ හිමිකරුට සහ අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුණත් ඉන් පලක් නොවන බව ප්‍රදේශවාසීහු පවසති .

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් වෑන් රියට ගසක් කඩා වැටී පහක් රෝහලේ