IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ

(අජිත්ලාල් ශාන්තඋදය)

පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද  වංගුව ප්‍රදේශයේදි අද (03)  අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.

තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ අද (03)  උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ කීහ. බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇත. වැන් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයක් පෙනෙනන්නට ඇති බව ප්‍රදේශවාසීහු කීහ.



අදහස් (5)

පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ

Dasun Monday, 03 March 2025 10:42 AM

අනිවාර්යෙන්ම මෙම පාසල් වෑන් / බස් රථ වලට ප්‍රමිති සහතිකයක් ලබා දි යුතුයි සියයට 80 ක්ම ප්‍රමිතියෙන් තොර වාහන බව බැලූ බැල්මට පේන්නේ..

:       2       17

ගුණරත්න Monday, 03 March 2025 11:00 AM

මේ වාහනේ රවුම් කර තිබෙන ෆොටෝ දැක්කම කලකිරෙනවා, දිරච්ච කසිකබල් තමයි ඉතින් තියෙන්නේ හෙණ ගහව ඕකුන්ට, හෝව් මහත්තයා හෝව්. දැන් අලුත් වෑන් එකක් කෝටි එක හමාරයි දෙකයි. ඒවත් බඩු අදින වෑන් මිසක් මගී ප්‍රවාහන වෑන් නෙවෙයි. ඉතින් කොහොමද ළමයි ගෙනියන්න වෑන් එකක් පාරට දාන්නේ? කෝටි දෙකක් දීලා වෑන් එකක් ගන්නවා නම් මාසෙට ලක්ෂ 5ක් ගත්තත් ලීසිං ගෙවල ඩීසල් ගහන්න මදි. ලක්ෂ 5ක් හොයන්න නම් එක ළමයෙක්ගෙන් ගන්න ඕන රුපියල් 40,000 ක් දෙමවුපියන්ට ඕක ගෙවන්න පුලුවන්ද?

:       7       5

Anura Monday, 03 March 2025 11:05 AM

හරි හොඳට තිබුණ වාහනයක් වගේ මේවා පාරේ දුන්නවත් පොලිසියත් දකින්නේ් නැද්ද?

:       0       8

Janindu Perera Monday, 03 March 2025 11:31 AM

මම නං කියන්නෙ පුද්ගලික යතුරු පැදියේ ඉදන් හැම වාහනයක්ම අදායම් බලපත නිකුත් කරන විට පරීක්ෂණයකට ඉදිරිපත් කර ධාවනයට සුදුසු බවට සහතිකයක් ලබා දිය යුතුයි.

:       0       8

Chinthaka Herath Monday, 03 March 2025 03:11 PM

වැඩ අරගෙන ඉවර උන බස් සහ වෑන් වලින් ගන්න අන්තිම සේවය තමා පාසල් සේවය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site