
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වාර විභාගවලදී අඩු ලකුණු ප්‍රමාණයක් ගත්තේ යැයි පවසමින් ගුරුවරයකුගෙන් එල්ල වූ බලපෑම් ඉවසා ගත නොහැකිව හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි පාසල් දැරියක කිසියම් පෙති වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි (15) හැවිරිදි පාසල් දැරියක බව පොලිසිය කියයි.
මේ දිනවල පාසලේ පැවැත්වෙන වාර විභාගයේදී අඩු ලකුණු මට්ටමක් ලබා ගැනීම නිසා ගුරුතුමිය දොස් නගා ඇතැයි පැවැසේ.
පාසලේ සෙසු සිසු සිසුවියන්ද ඉදිරියේ දොස් පැවරීම නිසා නිරන්තරයෙන් මානසික ආතතියට පත්ව සිටි සිසුවියට තද හිසේ කැක්කුමක් ද සෑදී ඇතැයි වාර්තා වේ.
වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ගිය නිසා පාසලට පැමිණීමට නොහැකි වූ හෙයින් ඊට අදාල වෛද්‍ය නිර්දේශය රැගෙන එන ලෙසට පාසලෙන් උපදෙස් ලැබී තිබේ.
එහෙත් එම නිර්දේශය සහිත වෛද්‍ය වාර්තාව රැගෙන යාමට නොහැකි වූ නිසා පාසලේ විනය භාර හිමි නම වෙත ඉදිරිපත් කර ඇති බවත් එහිදී සිසුවියට කිසියම් දඩුවමක් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ළමයින්ට එල්ල වෙන මානසික පීඩනය කිසිවෙකු හඳුනා නොගැනීම ඇත්තටම හරිම ශෝචනීයයි.
ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙම විභාග ක්‍රමය තුළ තිබෙන පීඩනය එමඟින් හොඳට පැහැදිලි වෙනවා. අනිත් කරුණ තමයි දරුවන් කියන්නෙත් හිතක්, පපුවක් තියෙන පිරිසක් කියන එක බොහෝ අය අමතක කරනවා. විශේෂයෙන් පාසල ඒ ගැන හිතන්නේ නැහැ. දරුවන් දැඩි පීඩාවට පත් කරනවා. අන්තිමට දරුවා සියදිවි නසා ගත්තා. භික්ෂුවක් මීට වඩා කෙතරම් වගකීමෙන් වැඩ කළ යුතුද? භික්‍ෂුවකටවත් දරුවන්ගේ මානසිකත්වය වටහාගන්න බැරි නම් අනෙක් අය ගැන කවර කතාද?
වැඩ අධික වීම සහ දැඩි වෙහෙසකාරී බව නිසා ගුරුවරුත් ඉන්නේ සෑහෙනට ලොකු ආතතියකින්. අවුරුද්දකට සැරයක්වත් ගුරු මණ්ඩලයේ යහ පැවැත්ම සඳහා සහ ඵලදායීතාව වැඩිකරගැනීම සඳහා රජයේ වියදමින් ඔවුන්ව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන වැඩපිළිවෙළක් ආරම්භ කළොත් හොඳ නැතිද?
පාසලේ විනය භාර හිමි නම?
ඊළඟට කලකට පෙර පරිවාස දෙපාර්තමේන්තුව නිකුත්කළ පත්‍රිකාවක මෙහෙම දරුවන් පීඩාවට පත්කිරීම වෙනුවෙන් අවුරුදු දෙකක සිර දඬුවම් සමග ලක්ෂ දහයක දඩයකුත් දෙන්න පුළුවන් කියලා තියෙනවා දැක්කා. දරුවන්ගේ මනස තේරුම්ගන්න බැරි එවුන් ගුරු සේවයට ගැනීමේ වරද පේනවා නේද? මෙහි ලස්සනම වැඩේ කියන්නෙ සබ්බේ තසන්ති දණ්ඩස්ස කියනදේ උගන්වන කෙනෙකුම දඬුවමක් දීම කොතරම් අසික්කිත වැඩක්ද?
මේ පාසලේ හිටපු විදුහල්පතිතුමා මාරු වී ගියපසු ගුරුවරුන්ගේ විනය දැඩි ලෙස පිරිහී ගොස් ඇත. පාසල් සිසුන්ගේ විනය සෑදීමට පෙර ගුරුවරුන්ගේ (විශේෂයෙන් සමහර ස්වාමීන් වහන්සේලා) විනය සෑදිය යුතුයි. රජය ප්‍රමුඛ සියලු පාර්ශව මෙම සිසුවියගේ මරණය පිළිබඳ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වැරැදි කරුවන්ට නිසි දඬුවම් පැමිණවිය යුතුයි...
මම හිතාගෙන හිටියේ පාසලේ උගන්වන අපේ හාමුදුරුවෝ දායක අපිටත් මෙහෙම නම් ඉස්කෝලෙදි කොහොම ඇද්ද කියලා බැලුවාම එහෙම උන්නාන්සේලා තවත් ඉන්නවා කියලා පේනවා.
මේ වගේ ගුරු අම්මන්ඩිලා තව දුරටත් තියාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට යාම නිශ්ඵලයි. ඔවුන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විශ්‍රාම යැවිය යුතුයි.! දේශපාලන ගුරු පත්වීම් වල ප්‍රතිඵල....!
මෙම සිදුවීම මෙන්ම මෙවන් සිදුවීම් නිරන්තරයෙන් අසන්නට ලැබිමේ හේතුවෙන් ශ්‍රීලංකා සුමිත්‍රයෝ මාවනැල්ල ශාඛාව අගෝස්තු මස 21 දින දාස්වත්ත මහ විදුහල්පති සුවාමින්වහන්සේගේ සහ පළාත් අධ්‍යක්ෂකගේ අවසරය ඇතිව පාසැල් ළමුන් සදහා සජීවී සවන්දීම සහ හිතමිතුරු කරණය පිළිබඳව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත . මෙම සත්කාරයට යූනියන් ඇශුවරන් සමාගම අප හට සත්කාරක දායකත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ සියදිවි හානිය අවම කිරීමයි...
මෙවන් සිදුවීම් සුලබව අසන්නට සහ දකින්නට ලැබීම නිසා එය වළක්වා ලීමේ පියවරක් ගැනීම කාලෝචිත බව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය අවබෝධ කරගෙන ඇති හෙයින් මාවනැල්ල ශාඛාව ව්සින් මාවනැල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අවසරය ඇතිව අගෝස්තු මස 21දින මාවනැල්ල දාස්වත්ත මහ විදුහල මූලික කරගනිමින් පාසල් ළමුන් සඳහා සජීවී සවන්දීම සහ හිතමිතුරුකරණය ව්‍යාපෘතියක් සැළසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 10 ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා සත්කාරක දායකත්වයට යුනියන් ඇෂුවරන්ස් සමාගම මාවනැල්ල ශ්‍රී ලංකා සුම්ත්‍රයෝ ශාඛාව හා එක්වී ඇති බව සතුටින් දැනුම් දෙමු. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ මුඛ්‍ය පරමාර්ථය සියදිවි නසාගැනීම අවම කිරීමය.