IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් දරුවන්ට විවාද නැරඹීමට අවසර

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදීද විවාද නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

වේත්‍රධාරී  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුව එම කාරක සභාව මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව   මින් ඉදිරියට හිමිවනු ඇත.

කොවිඩ් තත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමා පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී විවාද නැරඹීමේ අවස්ථාව මෙතෙක් හිමි නොවීය.

මේ අනුව විවාද නැරඹීමට පැමිණෙන පාසල් සිසුන් වෙනුවෙන්  පාසල් බලධාරීන්ට  අයදුම්පත් තමාට ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335)  හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා පැවසීය.



අදහස් (5)

පාසල් දරුවන්ට විවාද නැරඹීමට අවසර

ravin Saturday, 22 October 2022 11:09 AM

ඔය කරන්න හදන්නේ රටට වැඩදායී පරපුරක් බිහිකිරීමට ඇති අවස්ථාවක් නැති කිරීමයි. අවිනීත බව, දූෂණය, වංචාව, හොරකම, කප්පම් ගැනීම් වලින් පිරිච්ච අයගෙන් පිරී ඉතිරී ගියතැනකින් ඉගෙන ගත හැකිද? ඊට වැඩිය හොඳ නැද්ද ගරුපරපුර නිසිලෙස දැනුවත්කර පාසල්, කොට්ටාෂ, කලාප දිස්ත්‍රික්ක මට්ටමින් ලමා මන නිසිපරිදි මෙහෙය වීම? මේ රටට අනාගයක් අවශ්‍යයි.

:       0       7

Ruhunu Saturday, 22 October 2022 12:24 PM

වාසුදේව පාර්ලිමේන්තු එන එක නවත්වන්න වේවි එහෙනම්...!

:       0       0

බද්රානි Saturday, 22 October 2022 03:12 PM

ඇත්තෙන්ම එය අනාගත අශිෂ්ඨයින් බිහිකිරීමට හොඳ තෝතැන්නක්.

:       0       0

Kumar (Gulf) Sunday, 23 October 2022 12:49 AM

කුණුහරුප ඉගෙන ගන්න හා රට පාලනය කරන්නේ කොයිවගේ අමනයෝද කියා තේරුම් ගැනීමට?

:       0       0

ganegoda Monday, 24 October 2022 02:57 PM

අර ‘‘සෙංකෝලයෙන් ගුටි කෙළගන්න හැටි... බඩුබාහිර කඩලා, බිඳලා දාන හැටිත් පෙන්නනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site