
(අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙි.
රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙි වෙනුවෙන් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇමරිකන් ඩොලර් මිලියන 27ක් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත දිවා ආහාර වේල ලබා දීමට සැලසුම් කර ඇත.
පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සදහා ෆොලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර සමබල බත්වේලක් ( Fortified Rice) මෙම දිවා ආහාරය සඳහා ලබා දීමට නියමිතය.
පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර වේල සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මගින් ලබා දීමට ද කෘෂිකර්ම අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.
මෙම වැඩ පිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර බත් වේල ලබා දෙන සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂි අමාත්‍යතුමනි, හොඳ තීරණයක්. දරුවන් යම් හෑල්ලුවකට ලක්විය හැකි බැවින් අඩු ආදායම් ලාභී වැනි වර්ගීකරණයකින් තොරව සහ පාසල් වර්ගීකරණයකින් තොරව සියලුම පාසල් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සුදුසු වනු ඇත...
අහා.. ආයෙමත් කොලඹට කිරි.. අපිට කැකිරි...
අපිට නම් ඒ කාලෙ දුන්නු නියම පෝෂ්‍යදායක ගුණය පිරි බිස්කට් එකක්. බත් වැඩේ ටිකක් අමාරුයි. අනික හුඟක් ළමයි දැන් බත් කන්නෙත් නැහැ.
දේශපාලුවන් නම් ඕනෑතරම් දේවල් කියයි. ඉෂ්ට කරන්නේ කීයෙන් කීයද? දේශපාලුවන් කියන විකාර කතා ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ.
ඔව්වා හරියන පොරොන්දු නෙවෙයි. කෝටි ගාණක පාසල් දරු දැරියන්ට කවුද මේ ආහාර පිළයෙළ කරන්නේ? මෙව්වා නිකන් බොරු..! දවසේ බයිලා සාදය...!