IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් දරුවන්ට කෙනෙහෙලි කළ කොන්දොස්තරට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

පාසල් දරුවන් ලංගම බස්රියකට නැගුණු අවස්ථාවේ අදාළ කොන්දොස්තරවරයා ඔවුනට බැස යන ලෙස පවසා ඇතැයිද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ යැයි ද කීය.

සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව  සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

පාසල් දරුවන්ට කෙනෙහෙලි කළ කොන්දොස්තරට වැඩ වරදී

Bunny Preena Friday, 07 March 2025 02:42 PM

පාසල් දරුවන්ට එවැනි කෙණෙහිලි කම් ලංකාවේ බොහෝ පළාත්වල සිදුවෙනවා. මෙවැනි දේවල් කොහොමත් කොහේවත් සිදුනොවිය යුතුයි. වරප්‍රසාද පත්‍ර ලාභී පාසල් සිසු/ සිසුවියන් ඇතුළු සියලුම මගීන් ගෙනයාම අනිවාර්ය කළ යුතුයි.

:       0       12

Pankumburage Friday, 07 March 2025 02:50 PM

බොහොම හොඳයි. උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       2

de silva Friday, 07 March 2025 03:35 PM

මින් ඉදිරියට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු පියවන්න ජනතා බදු මුදල් යොදවන්න එපා , එම මුදල් ලංගමට දුම්රිය දෙපාර්තමේන්තුවට යොදවන්න , පොදු ප්‍රවහනේ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ලොකු දෙයක් ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site