(එච් එම් ධර්මපාල)
රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි.
ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට පොලීසියට සහාය ලබාදෙන ලෙසටත් මාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් දරුවන් මත් කරන්න ගිය අයෙක් මාට්ටු