IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘

(මනෝප්‍රිය ගුණසේකර)

පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය.

මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය රටේ අනාගතය වන පාසල් සිසුන් ඉන් බේරා ගැනීම සඳහා වහාම පියවර ගැනීමටද නියම කළාය.

මෝදර මට්ටක්කුලිය මරදාන ආදී ප්‍රදේශ ආශ්‍රීතව මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පැසල් අවට විකුණීමේ චෝදනවන් මත විත්තිකරුවන් කිහිප දෙනකුම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට එලෙස අවවාද කළාය.

පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ විකුණුම්කරුවන් කිහිප දෙනෙකු පමණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නියම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස අවවාද කළාය.

අලෙවි කිරීමට මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්දැයි විමසමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර වන හෙයින් සැකකරුවන්ගෙන් ඇත්ත හෙළිකරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස වැඩිදුරටත් අවවාද කළාය.

 



අදහස් (1)

‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘

Nihal Sunday, 11 February 2024 08:57 PM

කොන්ඩේ කපන (ජිම්) කාය වර්ධන ස්ථාන වලට දරුවන් තනියම යැවීම අතිශයින්ම භයානක ය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site