( ටී.කේ.ජී.කපිල )

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණියහ.

රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සදහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුහු සමත්ව සිටියහ.

මෙම තරගාවලිය ඉකුත්  පසුගිය පසුගිය මස 28 දින සිට ඉකුත්11 දා  දක්වා ලෝකයේ රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

 පැය 25 ක පමණ දීර්ඝ , දුෂ්කර ගුවන් ගමනකින් පසුව මෙම තරගාවලිය පැවැත් වූ දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යය වෙත පිවිස තිබූ අතර , අධික සීතල මධ්‍යයේ මෙම තරගාවලිය පවත්වා තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාසැල් චෙස් ක්‍රීඩකයින් පිරිස අද (13)  දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් , ගුරුවරුන්, සිසු සිසුවියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .