(සුරංග රාජනායක)

ගම්පොළ බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයකට උඩහේන්තැන්න සේනාධිකාරී ජාතික පාසල අසලදී එම බස් රථයටම යට වූ පාසල් දැරියක් කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පටිතලාව කට්ටාරංවත්ත මල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි විශ්මි පූර්ණිමා හංසමාලි නමැති දස හැවිරිදි දැරියකි.

ඇය සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

පාසල් යාම සඳහා අද උදෑසන මෙම බස් රථයේ පැමිණ ඇති ඇය පාසල අසලින් බැස එම බස් රථය ඉදිරියෙන් පාර මාරුවී පාසල දෙසට යමින් සිටියදී මෙම බස් රථයට යට වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

ඇය බස් රථයට යටවෙන අවස්ථාවේ ඇගේ වැඩිමහල් සොයුරාද බස් රථයේ සිට ඇති බව පැවසේ.

පාසලේ ප්‍රාථමික අංශයට මාර්ග දෙකක් ඇති අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ මෙම මාර්ගය අසල උදෑසන රාජකාර කිරීම සඳහා පොලිස් නිළධාරියකුද සිට නොමැත.