IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසලේ ගැමි ගෙදරට ගිනි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේ අවුරුදු උත්සවය සැමරීම සඳහා මැටි ගසා පොල් අතු සෙවිලි කර ගැමි ගෙදරක  ආකාරයට ඉදිකර තිබූ ගොඩනැගිල්ල කිසියම් පිරිසක්  ගිනි තැබීම නිසා එම ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

විද්‍යාලීය සිසු සිසුවියන් ඔවුන්ගේ මවුපියන් සහ ආචාර්ය මණ්ඩලය එක්වී මෙම ගොඩනැගිල්ල මෙවර පාසල ආරම්භ කිරීමට ප්‍රථම සිට සති ගානක් මුළුල්ලේ වෙහෙස වී සාදා නිම කළ බවවිදුහලේ ආචාර්ය මණ්ඩලය පවසයි සිංහල අලුත්අවුරුදු උත්සවය සැමරීම සදහා ඉදිකළ මෙම ගොඩනැගිල්ල සිංහල අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පන්ති කාමරයක් වශයෙන් පවත්වාගෙන යෑමට නියමිතව තිබු එකක් බව ආචාර්ය මණ්ඩලය පවසයි.

පාසල් සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ඇතිව තිබූ ඉඩකඩ මදිකම නිසා මෙය ඒ සඳහා පන්ති කාමරයක් වශයෙන් පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබූ බව ආචාර්ය මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

මෙම ගොඩනැඟිල්ල තුළ බඩුමුට්ටු ද තිබුණු බව පොලීසිය පවසයි.



අදහස් (3)

පාසලේ ගැමි ගෙදරට ගිනි තියලා

vidya Sunday, 23 April 2023 08:50 PM

මිනිසා මේ තැනට වැටුනේ කොහොමද ?අතීතයේ සිටි මිනිසුන් සෑම දෙයක්ම ගලෙන් නිර්මාණ කලේ.ඒ කලත් මෙවැනි මිනිසුන් සිටි නිසාද?

:       0       5

Pradeep Kumara Sunday, 23 April 2023 08:58 PM

පැහැදිලියි.. සිංහල අළුත් අවුරුද්ද පාසැලේ සැමරීමට විරුද්ධ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් මේක කරන්න ඇති. විශේෂයෙන්ම සිංහල අළුත් අවුරුද්ද සමරන වැඩි පිරිසක් නොසිටින පලාතක් නිසා.

:       1       4

දුමින්ද Monday, 24 April 2023 06:48 AM

දැන් කාලයේ ඉස්සර වගේ නොවෙයි පාසල්වල මුරකරුවො කම්කරුවො පණිවිඩකරුවො ආදී වශයෙන් දේශපාලන හෙංචයියො අනන්ත ඉන්නවා මුරකරුවො දහවල් කාලයේ රැකියාවක් කරල රාත්‍රියේ මුර වැඩේට පාසලට යනවා ගිහිල්ලා නිදාගෙන උදේ නිවසට යනවා තත්වය එය තමයි එහෙම නම් තමන්ගෙ රාජකාරි නොකල මුරකරුවාට මෙහි වරද පැවරෙනවා එහෙම කරද්දී දේශපාලුවො අතගැසුවොත් මගේ අදහස නිවැරදියි කියන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site