
(ගයාන් සූරියආරච්චි)
පාසල් ක්‍රීඩා උත්සවයක් නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඊයේ (4) සවස ඇතිවූ බහින්බස්වීමකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් පහර කෑ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය පවසයි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනකු අත්අඩංගුවටගෙන ඇති බව ද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ධර්මපුරම් මයිල්වානපුරම් ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 31 ක පුද්ගලයෙකි.
කිලිනොච්චිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ.පී. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි ධර්මපුරම් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරංග මුරමුදලි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd