IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල අසල වල්අලි කැරකෙති:පාසල වසා දමති

(අනිල් ගාමිණී විජේරත්න)

වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා  කටයුතු කළේය.

අලි පස්දෙනකු සහ පැටවු තිදෙනකු පාසලට යාබද කැලෑ භූමිය තුළ සැඟවී සිටින බව මව්පියන් දැක ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇත.

ඒ බව  මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මියගේ නියෝගයකට අනුව පාසල වසා දැමීමට තීරණය කළ බව එහි විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා පවසයි.

මෙම සතියේ ඉදිරි දින දෙක ද පාසල වසා පාසලේ දරුවන් හා ගුරු මහත්ම මහත්මීන් අවට වෙනත් පාසල් වෙත අනුයුක්ත කර තිබේ.

මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අලි පන්නා දැමීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.

මේ පිළිබඳව සොයා බැලීමට මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පාසල වෙත පැමිණ අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා දුන්හ.

පාසලට යාබදව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අයත් මෙම කැලෑ ඉඩම තුළ මීට පෙරද කිහිප වතාවක්මවල් අලි ගැවසී ඇත.එම කැලෑ ඉඩමේ කැලෑව ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු නොකිරීම පිළිබඳව දෙමව්පියෝ දැඩි අප්‍රසාදය පළ කළහ. .



අදහස් (0)

පාසල අසල වල්අලි කැරකෙති:පාසල වසා දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site