
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් චන්ද්‍රිකාගේ කාලයේ ඉදලම අධ්‍යාපන ඇමැතිකම් දැරුවා, තමුන්ලා හොඳටම කෙරුවා තරම තමයි ඔය.
ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. අධ්‍යාපන ඇමැති වෙලා හිටපු කාල සීමාවටම අද තමයි දැනගෙන තියෙන්නේ ආණ්ඩුවට අඩුම ගානේ සිරස ගම්මැද්දට වත් කියන්න සුපිරියටම කරලා දෙයි
ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය .අධ්‍යාපන ඇමති වෙලා හිටපු කාල සීමාවටම අද තමයි දැනගෙන තියෙන්නේ. අඩුම ගානේ සිරස ගම්මැද්දට වත් කියන්න සුපිරියටම කරලා දෙයි
ඒවා හඳුනා ගත්ත එක හොඳයි . දැන් ක්‍රියාත්මක වෙන්නයි අවශ්‍ය .
දැනුවත් වුණා. ඡන්දෙන් පස්සේ මොකක් හරි කරන්න උත්සහ කරන්නම්
බොහොම පිං අපව දැනුවත් කලාට. අපි ඉක්මනින් විසදුමක් දෙන්නම්කො
මම පළමු වසරට ගිය පාසලේ අඩුම තරමේ ගුරුවරුන්ටවත් වැසිකිළියක් තිබුනේ නෑ. වතුර කොහොමත් නෑ.එකල ගලහිටියාව පරාක්‍රමබාහු කනිෂ්ඨ විද්‍යාලය. අද ඇමැතිතුමා ඔය කියන තත්ත්වය ගැන ආඩම්බර වෙන්න ඕන..
ස්මාට් පංති කාමර වලින් කතාව.. බොන්න වතුර නැහැ. යන්න වැසිකිළි නැහැ. වාඩි වෙන්න පුටු නැහැ .. හොඳ දැක්මක් තියෙන බව පේනවා. මෙච්චර කලක් තියන් හිටියා වැඩියි. ගහලාම පන්නන්න ඕනෑ...
දැන් ද ඕවා හොයන්නේ? හිතන් ඇති අපි ගොන්නු කියලා. මේ වෙලාවේ අවස්ථාවක් නෑ. සමාවෙන්න ඕනෑ.
ලැජ්ජයි ඇමතිතුමා
ඔය හොඳටම කරලා තියෙන්නේ....