
(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් අද (3) දිනයේ ද දැකගත හැකිවිය.
දුරබැහැර ප්‍රදේශ ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල ඇතුළු විශාල ජනකායක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා සති කීපයක සිට ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල තුළළ සහ ඉන් පිටත රැදී සිටිති.
එම දෙපාර්තමේන්තුව පෝලිමේ සිටින පිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන අතර පෝලිමේ ඉතිරිවන පිරිස එම ස්ථානයේම රැය පහන් කරති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
පාස්පෝට් එක දීගන්න බෑ .සිලින්ඩර් සීයා කියන්නේනම් රට බංකොලොත් නෑ කියලා
රනිල් පුළුවන් ශ්‍රීලංකා ,අපිව චාටර් නොකර පාස්පෝට් 1 දෙන්න . නිකම් නෙමෙයි අපේ සල්ලි අරගෙන .තවත් මුන් පුළුවන් කියාගෙන එනවා නේ චන්දෙ ඉල්ලගෙන
ඇත්තම කියනවා නම්, ලංකාවේ ජීවත් වෙන්නේ මහා පව්කාර ජාතියක්... ලෝකයේ මේතරම් දියුණු තාක්ෂණයක් තිබුණත්, ලෝකයේ කිසිම රටක නොපිළිගන්නා තත්වයේ කසිකබල් වර්ගයේ යල්පැනපු පාස්පෝර්ට් එකක්වත් පෝලිමකින් තොරව නිකුත් කිරීමට හැකියාවක් නොමැති නම්, ඒ රටේ පාලකයින් හා ජනතාව ගැන කවර කතාද...? හැබැයි මේ රටේ සමහරක් ඔවුන් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් කියමින් තප්පුලනවා නේද...? අනේ උඹලගේ ශ්‍රේෂ්ඨකම රෙද්දේ පල්ලෙන් බේරෙනවා. තවත් සමහරක් තවමත් මේ රටේ පාලකයින්ට ආවඩනවා... අලජ්ජිකමයි, උද්දච්ජකමයි ඉහට ගහලා ලෝකෙට ලොක්කෝ කියලා පිම්බෙන්න හැදුවාට කරුමක්කාරකම පේනවා නේද? ඔය ඇස් වලින්ම....ඒ වුණාට පිටරටවලින් කාලා බීලා බඩ පුරෝගත්තාම, පුහු දේශප්‍රේමේ ඉහට ගහලා ලංකාවේ තක්කඩි පාලකයින්ට ආවඩනවා.. මේ ඡන්දෙදී වත් හොර තක්කඩියන්ව පන්නා දමා හොඳ පාලකයෙක් පත්කර ගනිල්ලා...!
ලැජ්ජයි රනිල් ලැජ්ජයි...!
පුළුවන් ශ්‍රී ලංකා ... ආයෙ පෝලිම හදන්නේ එයාමයි...
ගිය සුමානේ ගෑස් බෝතලය කිව්වේ පොලිම් නැති කළා කියලා...!
කෝ විෂය බාර ඇමැති? පොහොට්ටුවේ කාලකණ්ණින් තමයි රට මේ තත්වයට පත්කළේ?
ඔන්න රනිල් ලොක්කගේ වැඩ. රටෙන් බාගයක් රට එපාවෙලා යන්න බලනවා සංවර්ධනය වැඩි හින්ද. දීපල්ලකෝ මේපාර සිලින්ඩරේට චන්දෙ . රටට අපහු නොආ ඉන්න පුළුවන්. එකකට මොකද සල්ලි තියන එවුන්ට පස්ස දොරෙන් ගන්න පුළුවන්.
පාස්පෝට් එකවත් මිනිසුන්ට වධ නොදී දීගන්න බැරි මේවගෙ ආණ්ඩුවලින් ජනතාවට ඇති ප්‍රයෝජනය මොකක්ද?
TV එකේ කියන්නෙ පෝලිම ඉවරයි කියල. මුන් නම් උපන් ගෙයි බොරු කාරයො. ඒත් ලංකාව පුරාම ලොකුවට "පුළුවන්" කියල පෝස්ට් ගහල. අනේ සීයෙ ගෙදර යන්න.
සිලින්ඩර් සීයා බොරු කාරයෙක් , එයාට බැහැ , පුරවැසියෙකුගේ පාස්පෝර්ට් එකක් , රියදුරු බලපත්‍රයක් වත් නිකුත් කරන්න , නැවත චන්දෙ දුන්නත් ලබන අවරුදු 5 වෙන්නෙත් මේක
අස්වාභාවික ලෙස පාස්පෝට් ඉල්ලුමක් ඇති වෙලා තියෙන්නේ චන්දෙන් ආණ්ඩුව වෙනස් වෙයි කියල බය වෙච්ච ජනතාව, විෂේශයෙන්ම මාලිමාව බලයට එයි කියලා බය වෙච්ච ජනතාවගේ රට හැර යන්න තියෙන උනන්දුව වැඩි වීම නිසයි. ඒ බයම කොටස් වෙළඳපොලෙත් ඇති වෙලා තියෙනවා. ඔව් මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් නම් රට හැර යන්නම වෙනවා. ඒත් ඒක බොරු බයක්. කිසිදාක මාලිමාවේ ආණ්ඩුවක් මේ රටේ පිහිටුවන්න බෑ. ඒ නිසා කලබල නොවී ඉන්න.
රට අතහැර යන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේශපාලුවන්. පෝලිම් නැති කෙරුවාලු. සැත්තැම්බර් 21 ජනතාව නිවැරැදි තීන්දුවක් ගනීවි.