(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාදෙන බවට පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) සහ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් යොදවා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සංවිධානාත්මක පුද්ගලයන් පිරිසක් ජනතාව අපහසුතාවට පත්කරමින් මුදල් ගන්නා බවට ජනමාධ්‍යවල වාර්තා කිරීමත් සමඟ ඒ සඳා කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්පෝට් කාර්‍යාලයේ වැඩ කරන අය කියලත් නිකම් නැහැ. එයාලටත් ගතමනාවක් දුන්නොත් වැඩේ ගොඩ.
මාතරත් වැඩේ ජයටම යනවා...
මගේ යාලුවෙක් රුපියල් 20000 ක් දීලා තමයි පාස්පෝට් එක හදාගත්තේ .මේ රටේ පොලිසිය වැඩ පටන්ගන්නකොට මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගානක් මේ නිලධාරීන් ගසා කාලා