(යොහාන් භාසුර)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැදී සිටි ගැබිනි මවක් අද (7) අළුයම දරුවෙක් ප්‍රසූත කර තිබේ.

හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මව සහ දරුවා මේ වන විට බොරැල්ල කාසල් රෝහලේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුව බවත් ඇය පෝලිමේ රැදී සිටියදී ප්‍රසූත වේදනාවෙන් පසුවන විට යුද හමුදා නිලධාරීන් මැදිහත්ව රෝහල්ගත කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.