(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක්අද (04) උදෑසන හමුවී ඇති බව තලංගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කැලණිය වෙදමුල්ල ශාන්තී විහාර මාවතේ පදිංචි කරුණාරත්න ආරච්චිගේ ධර්මසේන නමැති (73) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පුද්ගලයකු වන අතර ඔහු එම පරිශ්‍රයේම ඉහළ මාලයේ පිරිසුදු කිරීමේ අංශයට වෙන්කර තිබූ ස්ථානයක වාසය කර ඇති අතර එහි පුටුවක් මත මෙසේ මිය ගොස් සිටියදී හමු වී තිබේ.
උදෑසන රාජකාරි අවශ්‍යතාවයක් සඳහා යුද හමුදා සෙබලෙකු පිරිසුදු කිරීමේ අංශයට යමින් සිටියදී එහි ඉදිරිපිට පුටුවක් මත මෙසේ සැකකටයුතු ලෙස රැඳී සිටින පුද්ගලයෙකු දැක ඒ බව ඔහුගේ ඉහළ නිලධාරීන් දැනුවත් කොට පසුව පැමිණ බැලීමේදී මියගොස් ඇති බවට තහවුරු වී තිබේ .
ඒ අනුව තලංගම පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පිරිසුදු කිරීමේ අංශයේ උපකරණ තැබීමට වෙන්කර තිබූ ස්ථානයේ පුටුවක් මත උඩුබැලි අතට වැටී මියගොස් සිටින පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පැවසේ .
පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය
එම ස්ථානයට කැඳවා ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක අතුලෙ පිශචයො කුම්භන්ඩයො පිරිල , ඔක අචුලෙ මලසිරුරු තිබුන එක ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ.
විවෙක සුවයයෙන් සිටිය යුතු වයසක අය බොහෝ දෙනෙක් රැකියා කරන්නෙ අතමිට මුදල් නැති නිසායි. ස්වභාවික මරනයක් විය යුතුයි. ඔහුට නිවන් සුව පතමි.