(උපුල් හේරත්, බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේය.
අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.
මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්අද පැවැත්වුණි.
පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි දිස්ත්‍රික් විදුලි ඉංජිනේරුවරයා කියා සිටියේය.
මෙහිදී මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑවට වඩා කතා කිරීම ... ඔහුව විහිළුකාරයෙක් කළේය
වන්දනාමාන නොකලට මොකද වෙන්නේ....අපිට තව්තිසාවට යන්න ඕන නෑ...ඉන්න අපාය හොඳයි.
ධම්මරතන හිමියන්ට කෝෂ ලබා දෙන්න. එතකොට හරි.
අනේ පව්, තග දාලා රනිල්වත් බය කරන්න හදපු පාතාල සාදු පච වුනා නේද? ආතල් නැතුව ආගමික කටයුතු විතරක් කරන්න සාදු.
වත්මන් ආණ්ඩුවෙන් තවත් කැත ආදර්ශයක්!!!!
සාදු කියන්න ඕන නේද. නාස්තිකාර වියදම නවත්තන්න ඕන.
ප්‍රධාන වෙහෙර විහාරස්ථානවලට කොච්චර සල්ලි හම්බු වෙනවද ? ඒත් එව්වට මොකද වෙන්නෙ ?
විදුලිය අවශ්‍ය නැත .... බුදුදහම යනු විදුලි ආලෝකය නොවේ
සියලුම විහාරස්ථාන සහ ඒවායේ ආගමික කටයුතු "බුද්ධ ශාසන අමාත්‍යාංශයට" අයත් වේ. එබැවින් . ආලෝකකරණය සහ ආලෝකය සැපයීම සඳහා වන පිරිවැය ඔවුන් විසින් දැරිය යුතු නමුත් ලංවිම විසින් නොවේ.
ජේ ආර් පරපුරේ එවුන් පලි ගන්නේ මෙහෙම තමා. මෙවට වැඩිකල් නොගිහින් වන්දි ගෙවන්න වෙනව. හිටපල්ල.
ගැටඹේ පන්සලට කටුකම්බි වැටක් ගහපු කෙනාගේ බෑනා ඊට වඩා හොඳ වෙන්න බැහැ. ඒත් වැඩේ එක අතකින් හොඳයි. මොකද මේවා පින් කතා කළාට එක එක්කෙනාගේ සාක්කු පිරෙන වැඩ... පෙර රජ දවසේ වගේ අල්පේච්ඡ විදියට වැඩේ කරමු...