(අංජුල මහික වීරරත්න)
පොසොන් උත්සවය ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මිහින්තලය රජමහා විහාරාධිපති හා බාරකාර වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් මිහින්තලේ ආලෝක පුජාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කාර්යය කඩිනමින් ඉටු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජාතික පොසොන් උත්සවය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන්නැයි ද මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත්කර සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරාගන්නයිද මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ ආලෝක පුජාවේදී ඉල්ලා සිටියහ.
නාහිමියන්ගේ ඉල්ලීමට එම අවස්ථාවේදීම ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් කරන බව ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තමාට දැන්වූ බවයි.
මිහින්තලය විහාර පූජා භුමිය ජාතික උරුමයක් සේ නම් කිරීම ඇතුළු මිහින්තලා පුදබිම සහ පොසොන් උත්සවය සම්බන්ධව ධම්මරතන නාහිමියන් කර ඇති ඉල්ලීම් පිළිබඳව පියවර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කිරීමට ද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙත මේ වනවිටත් අගමැතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවද අග්‍රාමාත්‍යය කාර්යාලය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොසොන් උත්සවය ජාතික උත්සවයක් කරන්න ඒක උත්සව දිනයක් නොවෙයි. ඒක ආධ්‍යාත්මික දිනයක්. අනික විවිධ ජාතින් ඉන්න රටක එක එක ආගමික දින ජාතික උත්සව කිරීමෙන් වෙන්නේ පසු කලෙක තවත් ගැටළු ඇති කිරීමයි. එ්ක රටේ ආර්ථිකයට හානියක්... පොසොන් පොහොය දිනය සැමරිය යුත්තේ සීල භාවනා ආදී ආධ්‍යාත්මික වත්පිළිවෙත් වල දීමෙන් විනා උත්සව පැවැත්වීමෙන් නොවෙයි. සිල් සමාදන් වෙනවා වෙනුවට තෝරන් බැඳ උත්සව පැවැත්වීමට උනන්දු කරවන උත්සව දිනයක් කිරීමෙන් බුදුදහමට වන්නේ හානියක්... තවතවත් ආමිස පූජාවන්ට උනන්දු කරවීමක්... මීට වඩා රජයක් ලෙස ඔබතුමාලාට කිරීමට ඇති වැදගත් දේ බොහෝයි. රටේ ආර්ථිකය නැංවීම... ආරක්ෂාව සැපයීම, ඒවා අතර වෙනවා... එව්වට නිසි කටයුතු නොකරමින් බෞද්ධයින්ටත් බුද්ධ ශ්රාවකයින්ටත් අයිති වැඩවල යෙදෙමින් මිනිසුන් රැවටීමෙන් තමන්ගේ වගකීම් අමතක කරන්නට හදන්නට එපා. වසර දෙදහස් පන්සියයකටත් වැඩි කාලයක් පොසොන් දිනය සැමරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් නොවේ. මේ දිනය ප්‍රකාශ නොකළාට බෞද්ධයින් පොසොන් දිනය අත් හරින්නේ යයි නොසිතන්න. පොසොන් උත්සවය තුළිනුත් මැතිවරණයට ලකුණු දමාගැනීමට සැරසීම අමන ක්‍රියාවකි...
දැන් තිබෙන තත්වය අනුව වෙසක් පොසොන් නෙවේ මෛත්‍රී බුදු හමුදුරුව පහලවෙලා ප්‍රතිහාර පාල කාදිනල් තුමා එක්ක එක ස්ටේජ් එකට නැගල රනිල්ට චන්දෙ දෙන්න කිවත් මිනිස්සු ඡන්දෙ නොදෙන නිසා ඔබතුමාට නම් ලබන ජනාධිපතිවරනෙට ඉදිරිපත් වුනොත් වැදීනායකයාටත් පරදිනවා , නිකන් විකාර නොකර විශ්‍රාම යන්න
ඔබ කියන අදහසේ කිසියම් ඇත්තක් තිබෙනවා නමුත් බෞද්ධ අපි වෙසක්උත්සවය කියානේද සමරන්නේ? බුද්දාගම ලංකාවට පැමිණවීම ගැන සතුටු වීම උත්සව පැවැත්වීමේ පරමාර්ථයයි එයට ආමිස සහ ප්‍රතිපත්ති පූජා ඇතුලත් වෙනවා. ප්රශ්නය මේ දැනුයි මතක්වෙලා තිබෙන්නේ පොසොන් උත්සවය සමරන්න, මොකද එකෙක් ලංකාව බෞද්ධ රටක් නොවෙයිකියා කොලේ ඉරාගත්ත නිසා. සිංහල බෞද්ධ අපි පොසොන් උත්සවය සමරන්නේ මිහිඳු හිමියන් ලංකාවට පැමිණි දින සිටයි.
මම හිතනවා ලංකාවේ තරම් ජාතික උත්සව තිබෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
රටේ සංවර්ධනය කියලා කියන්න තියෙන්නේ අර්බුද පමණයි.
මේක සිංහල බෞද්ධ රටක් කියන්න දිව නොනැමුණු අය දැන් ඡන්ද බලාගෙන පන්සල් වලට සල්ලි බෙදනවා.
මෙහි අවසානය නීත්‍යානුකූලව පොසොන් පොහොයේ අයිතිය රජය සතු කර ගැනීම විය හැක. දැනට නොපෙනුනත් මතු යම් කාලයක පොසොන් උත්සවය රාජ්‍ය අත්සවයක් බැවින් එය සැමරිය යුත්තේ රජයේ මග පෙන්වීම යටතේ යැයි නීතිද පැනවෙනු ඇත. ඊටත් පසු කාලයක අබෞද්ධයන් මෙම උත්සවය පාලනය කරනු ඇත. සියල්ල නීතියට පවරා සිංහල බෞද්ධයාගේ ආධ්‍යාත්මික බැඳීම සුනු විසුණු කර දැමීම අවසාන ප්‍රතිඵලය විය හැකිය.
පව් දැන් පරක්කු වැඩියි
පොසොන් පොහොය ඉස්සර ඉඳන්ම රජයේ නිවාඩු දිනයක් , එදාට අපි පන්සල් ගිහින් මලක් පහනක් පුජ කරලා බුදුන් වදිනවා , සිල් ගන්න මිනිස්සු සිල්ගන්නවා , හවසට වෙසක් එකට හදලා තිබෙන කුඩුවක් බකට් එකක් එල්ලලා පත්තුකරනවා, මේ අවස්ථාවේ කරුණාකර මේකට එක එක අර්ථකතන දෙමින් දේශපාලනීකරණය කරන්න යැමෙන් වලකින්න. එහෙම කරන්න ගිහිල්ල එක එක ප්‍රශ්න ඇතිකරගන්න කිසිම අවශ්‍ය නැහැ. යුරෝපේ රටවල් බහුතරය සහ ඇමෙරිකාව ක්‍රිස්තියානි රටවල කියල පිලිගන්නවා වගේ, සවුදි අරාබිය, එමිරේට්, කුවේට්, කටාර්, ඉරානය මුස්ලිම් රටවල් කියල පිලිගන්නවා වගේ, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියල පිළිගෙන, රටේ කොතැනක ජිවත් වුනත් බුදු දහම අදහන පුරවැසියන්ට සාමකාමිව තම ආගම අදහන්න අවශ්‍ය ආරක්ෂාව සහ පරිසරය සදා දුන්නම හොඳටම ඇති .
දැන් ඕවා කියලා බෞද්ධයන්ව රවට්ටන්න බැහැ. ඔබතුමා දැනටමත් ලාංකීය සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඔබතුම කියපු බොරු නැවත මෙරටේ නායකයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා කරපු හානිය මෙරටට සුළුපටු නැහැ.