
(උපුල් හේරත්,බි.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පෙරටු කර ගත් මහා සංඝවහන්සේ අද මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියහ.
මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා රජයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොමැති බව මිහින්තලා හිමියෝ ප්‍රකාශ කළහ.
ඉතිරි මුදල් සොයාගැනීම සඳහා පිඬුසිඟාවඩින බව නා හිමියෝ ප්‍රකාශ කළහ. පොසොන් පෝහෝය වෙනුවෙන් පැවැත්වෙන මිහිදු පෙරහැර සදහා පමණක් රැපියල් ලක්ෂ 130 ක් වියදම් වන බව අද දින මිහින්තලේ රජමහා විහාරයේ මැද මළුවේ පැවති පොසොන් කමිටු රැස්විමේදි උන්වහන්සේ පැවසුහ.
ඒ සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් රැපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවද ඉන් ලබාදි ඇත්තේ රැපියල් ලක්ෂ තිහක මුදලක් පමනක් බවත් රජය පොසොන් රාජ්‍ය උත්සවය පැවැත්විම සදහා කිසිදු උනන්දුවක් නොදක්වන බවටත් උන් වහන්සේ මෙහිදි චෝදනා කළහ.
ඒ අනුව මෙසේ මහා සංඝරත්නය මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වියදමක් දරලා පෙරහැර තියනවට මම පුද්ගලිකව විරුද්ධයි.
මේවා සම්බන්ධයෙන් කතාකර පව් පුරවා ගැනීම නුවණට හුරු නැත. මේවා සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් බලා... නිහඬ වීම වඩා උචිතයි.
නිකම්ම පූචානම විතරයි...ඔය බොරු උත්සව ඕන නෑ..
අන්න නියමයි හාමුදුරුවනේ... ඊලඟ අවුරුදුවලත් ඔහොමම කරන්න
බොරු වියදම්
මේ එකතු කරන මුදල් නැති බැරි මිනිසුන්ට කන්න දෙන්න යොදවන්න. එයයි බුදුන් වදාල ධර්මය...!