IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොසොන් උත්සවය ගැන ජනපතිගෙන් නියෝගයක්

(අංජුල මහික වීරරත්න)

පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස  පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

මේ අතර රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද උපදෙස් දුන්නේය.

අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

රාජ්‍ය මැදිහත්වීමෙන් වෙසක් උත්සවය සාර්ථක අයුරින් පැවැත්වූ අතර ඊට නොදෙවනි ලෙස පොසොන් උත්සවය ද පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙි.

ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මහින්දාගමනය සිදු වූ පොසොන් පොහෝ දිනය බෞද්ධයන්ට මෙන්ම  සමස්ත ශ්‍රී ලාංකික ජාතියට ම වැදගත් දිනයක් වන හෙයින් පොසොන් පොහොය උත්කර්ෂවත්ව සැමරිය යුතුම පුණ්‍යේත්සවයක් බව  ජනාධිපතිවරයා නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන්ය.

දැවැන්ත අර්බුදයකට  මුහුණ දී යළිත් ටිකෙන් ටික රට දෙපයින් නැගී  සිටින්නට පටන් ගෙන තිබෙන මොහොතේ අභිමානවත් ජාතියක් ලෙස  සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානසිකත්වය ගොඩනැඟීමට මෙන්ම ජාත්‍යන්තරයට රටේ අනන්‍යතාවය ගෙනයාමට ප්‍රධාන ආගමික උත්සව මනා පිටු බලයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

වසර හතරකට පසු වෙසක් උත්සවය අති සාර්ථක ලෙස පැවැත්වීමට දායක වූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික  ආයතන වලට ද ජනාධිපතිවරයා සිය ප්‍රණාමය පුද කර තිබේ.



අදහස් (1)

පොසොන් උත්සවය ගැන ජනපතිගෙන් නියෝගයක්

ANURANGA Tuesday, 09 May 2023 08:46 AM

ඒ කියන්නෙ දැන් පහ හරි, උඹ ගෙදර යනවා , ජය වේවා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site