(සුජිත් හේවාජූලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී ස්ථීරයෙන්ම නඩු පැවරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජානාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි.
නීතිපතිවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවල සාක්ෂි සටහන් මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් එම අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම නඩු පැවරීම් සිදු කෙරෙණු ඇති බවත් අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
නඩු පැවරීම් කිසිසේත් ප්‍රමාද නොවනු ඇතැයි ද ඔහු කීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන සාක්ෂි සටහන් ද නිරීක්ෂණය කිරීමට නීතිපතිවරයාට අවශ්‍යවූ බවත් එම වාර්තාව නීතිපතිවරයාට ලැබී ඇති හෙයින් එම සාක්ෂි සටහන් ද අධ්‍යයනයට ඔහුට අවස්ථාව සැලැසී ඇති බවත් අලිසබ්රි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්රශ්නය වෙලා තිබෙන්නේ මහා මොලකරු අල්ලා ගත්තේ නැති එකයි. මම දන්නා විදිහට අල්ලා දෙවියන් විශ්වාස නොකරන අන්‍ය ආගමිකයින් මරන්න කියලා උපදෙස් දීපු මහා මොලකරු මැරිලා අවුරුදු 1400 කට වැඩියි. ඒ උපදෙස් අනුව අනුගාමිකයින් වැඩකරන්නේ. ඕකයි ඇත්ත.
ඔව්, ඔව් අර පළාත් සභා ඡන්දේ එහෙමත් තියන්නනේ අමුඩ ගහගෙන සූදානම් වෙන්නේ. එතකොට මිනිස්සුන්ට හප්පන්න දෙන්න මොකක් හරි කැරට් අලයකුත් එපැයි.
අදට වැඩිය හෙට හොඳයි.
නඩු පැවරීම කෙසේවෙතත් පහුගිය කාලේ අහන්න ලැබුණේ පොහොට්ටුකාරයින් නිදොස් කොට නිදහස් කිරීම, නඩු ඉල්ලා අස්කරගත්තු ඒවා මිසක් වෙන මොනවාද?
පළමුව නීතිය සමානව ස්ථාපනය කළ යුතුයි.
මාස දෙක ලංවෙලා තව කොමිසමක් දායි. ඊටපස්සේ තව අවරුදු දෙකක් විතර කල්මරයි.