(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විටත් 32 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.
මාවනැල්ල බුදුපිළිම කැඩීම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් පුපරන ද්‍රව්‍ය සොයාගැනීම, වනාතවිල්ලුව සිද්ධිය, තස්රීන් නැමැත්තාට වෙඩි තැබීම ආදී සිද්ධි සම්බන්ධයෙන් නඩු 8ක් එම චූදිතයන්ට විරුද්ධව පවරා ඇතැයි සරත් වීරසේකර මහතා කියයි.
ඒ නිසා මෙම විමර්ශන සම්බන්යෙන් ජනතාව රජයට දොස්කීමට හේතුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 42 ඇතුලේ රෙදි මුදලාලිලා කීයක් ඉන්නවද?
කාට නඩු පැවරුවත් වැඩක් නැහැ... එම ප්‍රහාරය දැන දැනත් වළක්වා නොගත්, ඊටපසු හෝ නිසි පියවර නොගත්, මෛත්‍රීපාල නිදැල්ලේ... මොකක්ද මේ නීතියේ දෙබිඩි පිළිවෙත? වරද කළා නම්, කොයි ජාතියේ, කොයි ආගමේ හෝ වේවා තමන්ගේ එකා හෝ පිට එකා හෝ වේවා නිසි දඬුවම් දිය යුතුයි. ඒත්, අද තමන්ගේ කෙනාට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැනේ...
විනෝද සමයටවත් මෙච්චර විහිළු දුන්නේ නැහැ.
ඔන්න කොල්ලා නැගිට්ටා... අර පියුමිගේ හබෙන් පස්සේ, දැන් පෙන්නයි වැඩ කිඩ. හැබැයි කොල්ලා පුස් වෙඩි කාරයෙක් කිව්ව අනුර කුමාරට තාම ඇත්තට වෙඩි තියන්න බැරිවුණා. කොල්ලා ෆේල් බොස් වගේම...
ඔවුන් 42 දෙනාම බන්ධනාගාරගත කළපසු ඇඳුම් සැපයීම සිදුකරන නිසා ඒ අයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
වැඩේ පොඩි මිනිස්සු ගැනද නඩු පවරන්නේ? ඕක කරවපු කට්ටිය පිටුපස ඉඳන් වැසි ලැබුණු කට්ටිය ගැන හොයන්නේ නැතිද?
ඔහොම බේරිලා යන්න හදන්න එපා... එක නීතිය ඕනෑමයි...
මේ කීවෙනි "නැවත ප්‍රචාරය" ද ?
මහ මොලකාරයා ඔය 42 අතරේ නැහැ..