(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයක් බදාදා (24) සිට දින තුනක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි එහි නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව එම විවාදය බදාදා (24) බ්‍රහස්පතින්දා (25) සහ සිකුරාදා (26) පැවැත්වෙනු ඇත. මෙම සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග 24 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය. පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කී වැනි විවාදේද? විවාද කරලා කරලා කරපු එවුන්ව ආරක්ෂා කර කර හිටපල්ලා
රටේ විද්වතුන් සියල්ල එකතුවෙලා හරබර විවාදයක් කරන්න හදන්නේ. මොනවද මේ බොරුව අවශ්‍ය නීතිමය කටයුතු හා යෝජනා ක්‍රියාත්මක නොකට කරන බොරුව. අනිවාර්‍යෙයන්ම එම විවාදයේ දී පාස්තු ප්‍රහාරය හැර අන් සියලු දේ විවාද කරාවි.
බොරුවට විවාද කර කර කාලේ නාස්ති කරනවා.අවුරුදු 5 ක් තිස්සේ කරපු කෙහෙල් මලක් නැහැ.
ඒ අහිංසකයෝ මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා. ගහනකොට අගමැති දැන් පිං ජනපති. තාම විවාද කරනවා.