(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (5) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරුවට කාලය නාස්ති නොකොට අර සිරිසේනගෙන් මහමොලකරුවෝ ගැන අහලා දැනගත්තා නම් ඉවරයිනේ... පාස්කු ප්‍රහාරය කල එවුන්ට විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරය අනුමත කළ එවුන්ටත් "පාස්කු ශාපය" ඵල දුන්නා. අනෙක් අයට ඵලදෙන්න පටන් අරන් ඉවරයි. ඒ ශාපයෙන් මොවුන් නැති භංගස්ථාන වෙලාම යනවා.. ඒ මළමිනිසුන්ගේ ලේ වල ශාපය මොවුන්ට සසර පුරාවටම පඩිසන් දෙනවා. එහෙම නැත්නම් ඉතින්, ඒ ආගමත් බොරු...?
පාස්කු ප්‍රහාරය... පාස්කු ප්‍රහාරය... ලංකාවේ මේක විතරමද වුනේ...? බෞද්ධ සිද්ධස්ථාන කීයකට ප්‍රහාර කරාද? ඒවාට එකෙක් කතා කරනවාද? අහින්සක මිනිසුන් මැරුණු එක අපිට කණගාටුයි තමයි.