(සුජිත් හේවාජුලිගේ,අංජලු මහීකවීරරත්න)

පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදය ලබන 25 හා 26 දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

මේ වාර්තාව සම්බන්ධ දිනක විවාදයක් ඉකුත් 10 වැනිදා පැවැත්විණි.

පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන්  දින තුනක විවාදයක් ලබා දෙන්නැයි  විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියහ.