IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු විවාදය 21, 22

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන (21) බ්‍රහස්පතින්දා සහ ලබන 22 සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව හෙට (19) සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග හෙට (19) විවාදයට ගැනීමට නියමිතය.  

ඉන්පසු  සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය  වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ අංක 2346/02 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අනිද්දා (20) විවාදයට ගැනීමට නියමිතව ඇත.ඉන්පසු   ආණ්ඩු පක්ෂය  විසින් ගෙන එනු ලබන  කල්තබන අවස්ථාවේ යෝජනාව සවස 5.00 සිට 5.30 දක්වා විවාදයට ගැනේ



අදහස් (1)

පාස්කු විවාදය 21, 22

සරත් Monday, 18 September 2023 03:28 PM

අන්තිමට දිනන අය තෝරලා තෑග්ගකුත් දීපල්ලා. පරදින උන්නම් දැනටම තෝරලා ඉවරයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site