
(ආරියරත්න රණබාහූ)
පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර රුපියල් මිලියන 500 ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරද ගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත පියතුමෝ පැවසූහ
උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි
තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය
මෙම මාධ්‍ය හමුවේ අද ( 21) කොළඹ අග රද ගුරු මැදුරේදී පැවැත්විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල තමා මෙදාපාර මාර ප්‍රශ්නයක් තමයි මතු කළේ. ඒ කියනකම් රටම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ නෙ
පල්ලිය කිව්වාද කියක් ආධාර ලැබුණාද කියලා? කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා කියන්නේ මෙන්න මේක තමයි
සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් හොරාකාපු දුෂිත බලලෝභී දේශපාලුවන්, පාස්කු ප්‍රහාරය වෙන තැනට වැඩ සිද්ද කෙරුවා. අතිගරු කාදිනල්තුමා වින්දිතයින් වෙනුවෙන් සාදාරණය ඉටු කිරීම වෙනුවෙන් ප්‍රණාමය පුදකරනවා.
මෛත්‍රීපාල කියන විදියට සල්ලි බෙදන්න නොවේ අවශ්‍ය. වින්දිතයන්ට අවශ්‍ය දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර බෙහෙත් වෙනත් උපකරණ සහ වෛද්‍ය පරීක්ෂණ වලට යන වියදම් ක්‍රමානුකූලව කරනවා නම් වියයුතු එයයි. සල්ලි අතට දුන්නොත් අපේ මෝඩ මිනිස්සු බහුතරය නාස්ති කරල දානව විතරයි.
හිටංට පිදුරු ගහක් ලැබුනත් එකෙ එල්ල්ලෙනවා . දැන් නහයට උඩින් ගිලිලා ඉන්නේ .හිටං මචං අර රෝයල් පාර්ක් සල්ලි ගැනත්දැන්වත් ඇත්ත කියපන්කෝ බං .හැබැයි එක දෙයක් තියෙනවා දෙවියන්ගේ නියෝජිතයෝ වුනත් මුදල් සමග ගනුදෙනු කරන්නේ යක්ෂයා ආරූඩ වෙලා .
දූෂිත දේශපාලුවෝ සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් ගසා කෑවා.. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ඔවුන් හිතාගෙන ඉන්නේ අනික් අයත් එහෙමයි කියලා...