IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පාස්කු වගකිව යුත්තන්ට දිට්ඨධම්මවේදනීයව පල දෙනවා‘‘

(ඩයනා උදයංගනී සහ තිලකරත්න දිසානායක )

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් පසුපස අනිවාර්යයෙන්ම දිට්ඨධම්මවේදනීය කර්මය පැමිණෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

නීතිය අවශ්‍ය ආකාරයෙන් හරවාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් අත සෝදාගනිමින් ඉදිරියටත් වීරයින් ලෙස සිටීමට හැකි බව යමෙකු සිතන්නේ නම් එය වැරදි බව ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

පාස්කු දින ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සාරංශයේ මෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේත් තිබෙන බව කී කාදිනල්තුමෝ එසේ තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව කන්, ඇස් හා නාසයකුත් නැති ආකාරයෙන් සද්ද නොකර සිටින බව සඳහන් කළහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 12ක් වෙනුවෙන් ගණේමුල්ල, බොල්ලත, පතහවත්තේ ඉදිකළ ‘ශාන්ත අන්තෝනි’ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පෙරවරුවේ එක්වෙමිනි.

කොළඹ අගරදගුරු පදවි සමාජ සේවා ආයතනය වන ‘සෙත් සරණ - කරිටාස් කොළඹ’ ආයතනය මගින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබිණි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන බවට හිටපු ජනාධිපතිවරයා තමාට පෞද්ගලිකව පොරොන්දු වූ නමුත් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අතට ලැබුණු දිනට පසුදින තමා අමතා ‘මම කොහොමද මේ ඔක්කොම කරන්නේ’ යැයි කී බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කීහ.

එහි අදහස එතුමාට කරන්න බැරි නිර්දේශත් එහි තිබූ බව යැයි කී කොළඹ අගරදගුරුතුමෝ ‘නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනෑ ඔබතුමා නෙවෙයි පොලිසියට උසාවියට භාරදෙන්නැයි’ තමන් එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද පැවසූහ.

එම ප්‍රහාරය එල්ල වූ සමයේ රටේ ආරක්‍ෂාව භාරව සිටි ප්‍රධානියා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් ජනාධිපති මුක්තිය ඉල්ලමින් හැංගෙන්න හදන්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව ද කාදිනල්තුමෝ කීහ.

දැන් සිටින්නේ මහ අලියෙක් සහ ඒ පසුපස යන අලි රැලක් බව කී අගරදගුරුතුමෝ බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන් පලක් නොවන බව ද කියා සිටියහ.



අදහස් (7)

‘‘පාස්කු වගකිව යුත්තන්ට දිට්ඨධම්මවේදනීයව පල දෙනවා‘‘

ලංකා ඇබෝජිනිස් Sunday, 13 November 2022 08:43 PM

ඔය පාස්කු එකත් දිට්ඨධම්මවේදනීයෙම කොටසක්. දන්නෝ දනිති.

:       6       5

"කර්මය" පොදුය...! Sunday, 13 November 2022 10:23 PM

හැම ආගමකටම දෙවියන් වහන්සේ ප්‍රමුඛය. හැම බැතිඳුන් කෙනෙක්ම දැත් එක්කර අහසට හෝ පොළවට වඳී...! සැම ආගමකටම ගරුකරන්නට සැම පුරුදුවිය යුතුය.... සැම ආගමකටම "කර්මය" පොදුය...! එසේම දෑත් එකතුකර වැඳිමත්... දෙවියන්ටත් දේශනා පැවැත්වූ කර්මය කාටත් පොදුය කියා දෙසුවේ බුදුරජාණන් වහන්සේය!

:       2       6

mangala Monday, 14 November 2022 12:05 AM

දැන් අර මහ මොළ =කරු හොයන්නෙ නැද්ද.

:       0       5

Jiwan Monday, 14 November 2022 05:28 AM

තමුන්නැහැලා රටට කරන විනාශයට තමුන්නැහැලටත් ඕකම වෙනවා. දැන් සුදු පෙරවගෙන හිටියට එදා ගම්මාන වලට පැනලා කොල්ලො මරලා ගෙවල් ගිනි තියනකොට උන්ට කොහොම දැනෙන්න ඇද්ද..

:       6       5

Weerawansa Monday, 14 November 2022 07:19 AM

අත ඇරලා දමන්න වැඩක් වෙන්නේ නැහැ .ඉහලින් බලපෑම් නිසා

:       0       4

මොහොඩයා Monday, 14 November 2022 08:45 AM

වෙන කව්ද රාජපක්ශල මිසක්

:       4       7

fairoos Monday, 14 November 2022 12:40 PM

ඇනිවර්යෙන්ම ස්වභාවධර්මයෙන් පඩිසම් ලැබෙනව..දැනටමත්ම කට්ටියට පලදීගෙන එනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site