IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයෙන් පසු ඇල්ලූ ආයුද මුහුදේ ගිල්වයි

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.

නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතු`ථ අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ කල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.

 



අදහස් (12)

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇල්ලූ ආයුද මුහුදේ ගිල්වයි

Bhadrani Tuesday, 22 August 2023 03:48 AM

නිදන්නාකමට කියන්නෙ ඇත්තටම මේවා වානේ උණුකරන තැනකදී උණුකර ප්‍රයෝජනයක් ගන්න බැරිද

:       0       10

මුතුකුමාරන Tuesday, 22 August 2023 05:00 AM

මොන ගොන් හැත්තක්ද මෙ? ඔනෙම නැත්තම් ඔය ආයුද ටික දිය කරලා යකඩ වලට ගන්න බැරි ඇයි? අනික් ආයුද ගොඩබිමදිම විනාස කරන්නෙ නැත්තෙ ඇයි? කිලොමීටර 1000 දුර යන්න හා මෙ වඩෙට යන අනෙකුත් සල්ලි දෙන්නෙ මුන්ගෙ අම්මල තාත්තලාද ? මුතු ඇටෙ මෙහෙම වත් තියන එක අරුමයක්!

:       0       11

ඇමැටියා Tuesday, 22 August 2023 05:54 AM

පල්ලිවල මේ කඩු තිබුණේ මුස්ලිම් සොහොන් වටේ තියෙන වල් කපන්න. දැන් ඉතිං කැලේ වැවෙයි අපරාදෙ.

:       1       13

SAM Tuesday, 22 August 2023 06:08 AM

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු වෙනුවට ගොදබිමදී විනාශ කිරීමට වෙනත් ක්‍රමයක් නැතිද ? නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීමට ඉන්දන සහ කාර්ය මණ්ඩලය සදහා වැයවූ මුදල කොපමණද ? නැවතත් අවි ආයුද හෝ බෝම්බ කැබලි ලැබුණු අවස්ථාක නැවත මුහුදුබත් කිරීම වෙනුවට iron crusher machine මිලදී ගැනීම පිළිබව අවධානය යොමුවිය යුතුවේ. මහජන මුදල් අනවශ්‍ය ආකාරයට වියදම්කල තවත් අවස්තවක්.

:       0       8

වැසියා Tuesday, 22 August 2023 06:51 AM

අපරාදේ.. ආයෙ බාරදෙන්න තිබුනෙ.තණකොල කපන්න ගෙනාවා කියලනෙ කිව්වෙ.

:       1       8

සක්‍රයා Tuesday, 22 August 2023 07:49 AM

පාස්කු ප්‍රහාරය කරවපු කෙනෙකුත් නැති එකේ ඕවා තණකොල කපන්න මුස්ලිම් පල්ලිවලට ආපහු දුන්නානම් ඉවරයි නොවැ... අපරාදේ තෙල් පුච්චාගෙන නැව් වලින් ගිහින් නිකං විනාසකලේ..

:       0       8

Bamunuarachchi Tuesday, 22 August 2023 07:56 AM

පාස්කු ප්‍රහාරය කරපු එවුන් දැනගත්තා වැඩේ කෙරුනම ලොකු කෝලාහලයක් රටේ සිද්ද වෙන බව. ඊට සුදානමට තමයි කඩුත් ගෙන්නුවේ.

:       4       7

rK Tuesday, 22 August 2023 09:11 AM

යකෝ යකඩ ටික උණු කරලා අරගෙන වැඩක් ගන්ඩ තිබ්බනෙ. මෙහෙමත් මොංගල් ඩයල්

:       0       10

කිරිපුතා Tuesday, 22 August 2023 09:27 AM

ඒ වැඩේ හොඳයි කියමුකො. නමුත් ඔය අන්තවාදීන් තවම නිදැල්ලේ ඉන්නවා. ඔවුන්ව පුනරුත්ථාපන කරලවත් හදන්න බෑ. ඒ තරම්ම ගල් යුගයේ මානසිකත්වය ක් තියෙන නොමිනිසුන්. ඔවුන් ගැනත් අවධානයෙන් සිටිනවා ඇති යැයි විශ්වාස.කරමු.

:       4       7

fairoosTuesday, 22 August 2023 05:42 PM

රට බේරගෙන දැන් සැපද?

:       0       0

fairoos Tuesday, 22 August 2023 02:00 PM

අනේ මෙහෙමත් මෝඩ යක්කු...!

:       0       0

කරුණාජීව Tuesday, 22 August 2023 02:45 PM

කවුරු දැක්කද? කවුරු ඇහුවාද? මෙහෙම ඒවා තිබුණා කියා එයාලාම පෙන්නුවා... එයාලාම කිව්වා.. ඇත්ත අයිතිකාරයෝ කවුද කියලා රටම දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site