
( දිල්රුක්ෂි ග්‍රේරු)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා කීවේය.
73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා අද (04) මේ බව ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවත් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය ඇමතීමක් නෙමෙයි... ජාතික බොරුවක්...
මට මතක හැටියට ඔබතුමා 72නිදහස් දිනයෙත් කිව්වා වගේ... තාම වැඩේ සිදුවී නැතිගාණයි.
බැංකු හොරුන්ට, පාස්කු මිනීමරුවන්ට නම් තාම ෆේල්. ඒ අයට තවම දඬුවම් නැහැ. ඊළඟ අවුරුද්දේ වත් නැවත කියන්න වෙයි.
නිදහස් දවස අප්‍රේල් 01 නොවෙයි සර්...
ගිය අවුරුද්දෙත් ඔය ටික ඔය විදියටම කිව්වනේ, ජනාධිපතිතුමෝ...
අපි හිතුවේ එහෙම වෙලා ඉවරයි කියලා.
ස්තුතියි සර්...!!!
හීනෙන් තමයි ඉතින්.... තමන්ට තිබුන නඩු වලට නීතිය නමපු හැටි අපිට මතකයි ඉතින්... මේක පිටි පස්සෙත් හරියට බැලුවොත් ඇත්තේ පොහොට්ටුවේම බළල් අතක් වෙන්නත් පුලුවන්.. මිනී උඩින් හරි කමක් නෑ බලය ලැබෙනවා නම් ඉතින්...
හරි මහන්සි ඇති නේද ඕව කරලා...?
බිලියන් දහයේ සීනි හොරාට දඬුවම් නැද්ද?
යෝජනා පමණයි.. කට විතරයි.. වැඩ නැහැ.. තවත් එක් දේශපාලකයෙක් පමණයි.
අසීමිත විධායක හා ව්‍යවස්ථාදායක බලයකින් සමන්විත ජනාධිපතිවරයා ඉහත දක්වා ඇති කරුණු අරභයා මහජනතාවට පොරොන්දු දෙමින් කාලය කා දැමීම හාස්‍යජනකයි. වර්තමාන අර්බුදයන්ගෙන් මේ රට ගලවා ගැනීමේ දැක්මක් වැඩපිළිවෙලක් ඔහුට නොමැත. කණගාටුදායක වුවත් සත්‍ය එයයි. ඔහු මේ රට තවත් අර්බුදයන් ගණනාවක් වෙත ගෙන යමින් පවතියි.
ඔව් ඉතින් තමුන්ට බය වෙන්න දෙයක් නැහැනේ. 20න් තමන්ගේ ආරක්ෂාව හදාගත්තානේ. දැන් බය නැතිව අනිත් අය විතරක් නීතිය කරලා බේරෙන්න.
ගිය නිදහස් දින කතාවම වත්ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසම අවසන් වුණා නේද වරදකරුවකු හොයාගන්න බැරුව?
මේ යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට කරන්න මම ඉඩ තියන්නේ නෑ " "මීලග රණවිරු ප්‍රකාශය කරන්න මම ප්‍රභාකරන්ට ඉඩ තියන්නේ නෑ" ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ සියවසේ හෙලබිමේ උපන් මව්බිම ගලවාගත් මහා විරුවා... ඔබට දීර්ඝායු වේවා උතුම් සෙනෙවිතුමනි...
කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්නකෝ?
ඒකෙනුත් නිදහස්...
ඕකට තමයි කියන්නේ කටින් බතල ගැටතුඹ කොළ කියලා. මේ මහත්මයා කියපු දේවල් කළා නම් අද ලංකාව මොනතරම් දියුණුද?
සත්‍ය වශයෙන්ම එසේ කියනා අයුරින්ම කෙරෙනවා නම් ඉතා හොඳයි. ඒත්, එතකොට තවත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්... මං දැක්කා එජාප සටහනේ තිබෙනවා ජනපති සමාව දීම සම්බන්ධ කිසියම් ප්‍රකාශයක් ගැන... අනේ මන්දා ඕවා...!!!
ඔය කතාව අහල අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ. "බොරු සාක්කි දීලා එල්ලුම් ගස් ඇරපු සමහර අයත් නිදහස් කරනවා" කීවා නම් ඔන්න අවංක ප්‍රකාශයක් කියලා විශ්වාස කරන්න තිබුණා..
ඒ කතාව ඇහෙද්දී මම හිතුවේ අද අප්‍රේල් 01 වෙනිදා කියලා? හිනා කාලා මැරෙනවා මේ විහිළු කතා අහලා...
හිටපු එක්කෙනා වගේම මෙයත් කුඹුරේ හිටවන්න ගැලපෙනවා...
කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නේ ඔන්න ඕවට...
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඕක කියන්න. ඇඟම වෙව්ලයි.
පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්න, ඇමෙරිකාවේ හිටපු, යුද්ධයට බයේ පැනලාගිය, හමුදාවේ හිටපු කර්නල් අල්ල ගත්තදාට මේ රටේ සියලුදෙනාටම දැනගන්න පුළුවන් කවුද කියලා. ඔහොම යමු.
එතකොට මහබැංකුව කාපු හොරයි, සීනි කාපු හොරයි අල්ලන්නේ නැතෙයි.
එහෙමනම් තමන්ගේ සපත්තුව ගලවලා ඔලුවට ගහගන්න ඉස්සෙල්ලාම... !!!
මෙයාගේ කතාවලට අපිට හිනා යනවා. කතාව නම් දෝලාවෙන්, ගමන පයින් කියන්නේ මේවාට...
යහපාලන කුලී ලියන්නෝ හිතාගෙන ඉන්නේ පාස්කු කොමිසමේ විමර්ශන අවසන් වුණාම ඔක්කොම ඉවරයි කියලා. නමුත් මේ කමිටු වාර්තා පදනම් කරගෙන වැරදි කරුවන්ට ඉක්මනින්ම නිසි දඬුවම් ලැබෙයි.
හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක්. චාලි චැප්ලින්ටත් තිබුණා උඩු රැවුලක්. ඉතින් ඉක්මන් වෙලා උඩු රැවුලට රැවටුණාම මෙහෙම කතා අහන්න වෙන එක පුදුමයක් නෙමෙයි. රෙස්පෙක්‍ට් සර්...
වැඩ කරන මිනිසා නිශ්ශබ්දයි. කැටයම් කලාවේ අති දක්ෂයන් තුන්ලෝකෙටම ඇහෙන්නට කෑමොර දෙති. දියවන්නාව පට්ටියේ 225ම කැටයම් කලාවේ අති දක්ෂයන් මෙන්ම කෙළ පැමිණි අයයි...
මෙයාගේ උදේ කතාව නිදහස් දිනේට වඩා ගැලපෙන්නේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය සංදර්ශනේකට...
කණ්ණාඩිය පිටිපස්සට යන්න....
විසිල් විතරයි... බල්ටි නැහැ සර්ගේ..
ඔය කියන කෙනයි, එයාගේ සහෝදරයවයි ඉස්සෙල්ලාම ඇතුළට දාන්න ඕනේ. කරපු අපරාදෙට...
අවුරද්දක් ඉවරයි. කාලය ගෙවනවා විතරයි වැඩ නෑ
පළමුව වගකියන්න ඕනේ ඔබ සහ හිටන් පමණි.
එතකොට සහරාන්ලාට පඩි ගෙව්ව කෙනාටයි, ජයිමතු ඉස්ලාම් එකට කාර්යාලයට ඉඩම දීපු කෙනාටයි නීතිය ක්‍රියාත්මක කරනවද?
එහෙනම් තවම අත් අඩංගුවට ගන්න ඕනෑ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා ඔබ තමයි.
අපි හැමදාම සර්ගේ සුරංගනා කතා අහන්න පුරුදුවෙලා ඉන්නේ. අද හොඳට නින්ද යයි.