(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ප්‍රහාරකයාගේ දේශන සංවිධානය කිරීම ඇතුළු චෝදනා රැසකට අදාල සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විසින් අද (03) කල්පිටියේදී සවස අත්අඩංගුවට ගෙත තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය නගරයේ හතර වන හරස් වන විදියේ පදිංචි පුද්ගලයෙකි.
පාස්කු ප්‍රහාරය මෙහෙයවමින් එම ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කළ සහරාන් හෂීම් හා මෙහොමඩ් ඉබ්‍රහිම් ඇතුළු පිරිස ගෙන්වා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ අරාබි පාසලක දේශන පැවැත්වමීන් අදාල කටයුතු සංවිධානය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු මදුරන්කුලිය අරාබි විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක් වෙත අද (3) දින රාත්‍රීයේ රැගෙන ඒමේන් පසුව අදාල ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවකට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සඳහන් කළේය.
එය පරික්ෂා කිරිමේන් පසුව අදාල සැකකරු ලබා දී තිබු තොරතුරු මත ලිපි ලේඛන රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු කණ්ඩායම භාරයට ගෙන තිබේ.
සැකකරු මදුරන්කුලිය පිහිටි මෙම ස්ථානයට අවස්ථා කිහිපයකදී පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් කැඳවා දේශන රැසක් පවත්වා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
අදාල අරාබි විද්‍යාලයට හිටපු ඇමතිවරයකු ආධාර තොගයක් ලබා දෙමින් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරිම් රැසක් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
මෙම ස්ථානයට කිසිදු පිටස්තර පුද්ගලයකු පැමිණිමට තහනම් කර තිබු බවත් එසේ පැමිණිමට අවශ්‍ය නම් විශේෂ අවසරයක් ලබා ගත යුතුව තිබූ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු අනාවරණය කර ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කිරිමට නියමිත බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් පොලීසියටත්,අදාළ සියලු අංශ වලටත් ප්‍රසංසා වේවා !!! අරාබි පාසල් මෙහෙට අවශ්‍ය නැහැ. මොවුන්ගේ තියෙන අරාබි මානසිකත්වය බිඳ දැමීම කලයුතුමයි. නැතිනම්, මේ රට විනාසයි.
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන කෙනා ඉන්නේ කොහෙද කියලා හැමෝම දන්නවනේ.
හිටපු ඇමතිවරයාට නමක් ගමක්, නැද්ද? හිතාගන්ඩ බැරිහින්දැයි අහන්නේ?