(නිමන්ති රණසිංහ)
තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙක-ු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (27) අවසර ලබා දුන්නේය.
මෙලෙස දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහනුවර පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නැමැත්තාය.
අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා අත්අඩං-ගුවට ගත් මෙම සැකකරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැදවුම් නියෝග මත තම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව සැකකරු ලබන ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එම කොට්ඨාසයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් කෝටිපතියා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර
Bunny Preena Tuesday, 28 March 2023 09:26 AM
සබ්බුව දෙනකොට ඔය කාලකන්නියා ඔක්කොම හොඳටම වමාරයි
fairoosTuesday, 28 March 2023 12:02 PM
එතකොට කාගෙ කාගෙත් පැටිකිරිය එලියට එයි නේද?