
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වසන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) ඉල්ලීමක් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කරන්නැයිද ඉල්ලීමක් කරන බව ඔහු සඳහන් කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
හිටපු ජනාධිපතිතුමා තොරතුරු දැනගෙන වසන් කළ පුද්ගලයන් කවුද. දැන දැන මේ තොරතුරු වසන් කර තිබුණාද. මේ කරුණු හෙළි නොකරන්නේ මන්ද. තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද. මේ ප්‍රශ්නයට අදම පිළිතුරක් ඕන. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව 2019 ඉඳලා පිළිතුරක් බලාගෙන ඉන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තා ගණනාවක් නිකුත් වෙලා තියෙනවා. රජය මේ පිළිබඳ තොරතුරු වසන් කරනවා. ජනාධිපතිතුමා කිව්වා ජාත්‍යාන්තර පරීක්ෂණයක් කැඳවනවා කියලා. තවම ඒ පරීක්ෂණය නැහැ.
සභානායක සුසිල් ප්‍රේම ජයන්ත මහතා:
මේ කටයුත්ත අධිකරණයට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපහසුවක් තියෙනවා. එදා ඔබලා ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. ඒ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා.
සජිත් ප්‍රේමදාස මහතා:
ඔබලා බලයට ආවේ සාධාරණය ඉෂ්ට කරනවා කියලා. කෝ ඒ පොරොන්දුව ඉටු කළාද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔය කියන මොළකාරයා අර මොළ එකකට වඩා වැඩියෙන් තියෙන කෙනෙක් හින්දද මේ කට්ටිය මේ නිකම් ඇඹරි ඇඹරි එහෙට මෙහෙට පැන පැන කට්ටි දදා මග හැර හැර ඉන්නේ? බැරි වෙලාවත් මිනිහා එයා නම් මාර කෙලියක් තමයි වෙන්නේ.
බොල ඕක හංගන්න දෙයක් නැහැ ලිඛිත ශාක්ෂි සමග මම මහමොල කරු කව්ද කියා කියන්නම්.