(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (21 ) බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ( 22 ) පැවැත්වේ.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය විසිනි.
මෙය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට නියමිතය.
විවාදය දැක බලා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද පාර්ලිමේන්තුවට පැමිණෙති. මෙම විවාදය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාලේ කෝටි ගණන් සල්ලි කා දැමීමෙන් වැඩක් තියේද?
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ළඟ තියාගෙන වෙන්නැති විවාද කරන්නේ? ඊට සම්බන්ධ වගකිවයුතු අයත් ඉන්නවානේ. ලෝකෙට පේන්න විවාද කෙරුවා කියලා වැඩක් නැහැ. වුනේ මොකක්ද කියලා රටම දන්නවා. ආරක්ෂාවට වගකියන නායකයෙක් පහළ වුණා...