(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයකින් කරුණු හෙළිදරව් කිරීම මගින් මහජනතාවගේ විශ්වාසය වඩාත් තහවුරුවනු ඇතැයිද රදගුරුතුමෝ සඳහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමෝ මේ බව පැවසූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සහ තේරීම් කාරක සභාවේ පරීක්ෂණ වාර්තාවන් තවම ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළ රදගුරුතුමෝ කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නොමැති ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් ඒ සඳහා පත් කරන්නැයිද ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාධීන පරීක්ෂණ මණ්ඩල කොහෙද මෙහෙ? මෙහෙ ඉන්නේ එක එක හොර දේශපාලකයන්ගේ බත් බැලයන් පමණයි.
දැන් අර එක පරීක්ෂණ මණ්ඩලයක් මාධ්‍ය ඉදිරියේම සියලු ත්රස්තවාදීන්ට සුදුහුණු ගානවනේ... මේ පරීක්ෂණ මණ්ඩලයෙන් අන්තිමට සහරාන් ඇතුළු ඒ තිරිසනුන් ටිකට ජීවිත වන්දියක් අනුමත කරාවි...