(මනෝප්රිය ගුණසේකර)
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇති නීතීපතිවරයා එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කර ඇත.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්ෂක දිසාව නියොජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් කෙරෙහි සැළකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.
අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් අදාළ කර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් බිල්ලට දීමට හදයි. ඔහු වටේ ඉන්න නිලධාරීන්ද පරිස්සම් විය යුතුය.සියලුම රාජ්‍ය නිලධාරීන් පෙරට පැමිනිය යුතුය.
මෙම පොලිස් නිලධාරීන් නම දෙනාට අවශ්‍ය නම් තනිව තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමට බලතල තිබුනද ?
මෙම පොලිස් නිලධාරියෝ නම දෙනාට ඉහලින් පොලිස් පති ඉන්නවා , පොලිස් පතිට ඉහලින් අර්රක්ෂක ලේකම් ඉන්නවා , ආරක්ෂක ලේකම්ට ඉහලින් ආරක්ෂක ඇමති ඉන්නවා , ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ඉහලට දන්වන්නේ නැතුව සගවාගෙන හිටිය නම් හෝ ඉහලින් අපු නියෝග ක්‍රියාත්මක නොකර හිටියනම් මෙම නිලධාරීන් 9 දෙනාට දඩුවම් කරන්න පුළුවන් නමුත් පොලිස්පති තේරීම් කාරක සභාවේ කියපු විදිහට ඔහුත් දැනගෙන ඉඳල තිබෙනවා , ඔහු ඉහලට දැනුම් දීලා තිබෙනවා.
එතකොට කලින්ම දැනගෙන හිටිය මැති ඇමතිලට දඬුවම් ලැබෙන්නේ නැද්ද?
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය" අබ්දුල් රසීක් විසින් පසුගිය කාලවල කියා තිබෙන දේවල් සහ පසුගියදා කාරක සබාවට පැමිණ දෙන පිළිතුරුවලින් පෙනීයන්නේ ඔහු ඉතාම සුක්ෂම මෙන්ම කපටියකු බවත් කෙටියෙන් කියනවා නම් කොලේවහල ගසන්න දක්ෂයකුබවත් පෙනේ. මොහු පිලිබදව ගැබුරු සෙවීමක් අත්‍යාවශ්‍යය
ඉතාම හොඳ වැඩක්. ඒ මොකද, රහස් තොරතුරු ලැබී ඇති මේ නිලධාරීන් තමන් හරියට කටයුතු කලාද නැද්ද යන්න එක්කෝ අධිකරණයේදී ඔප්පු වෙයි, නැත්නම් නිදහස් වෙයි. දෙපැත්තටම හොඳයි. ලොකු ලොක්කොත් අනිවාර්යයෙන්ම ඇදිලා එනවනේ
එතකොට මඩකලපුවේ සියෝන් පල්ලියට එල්ල වූ ප්‍රහාරයට වග කියන්නේ උඩ ඉන්න දෙයියොද? රටම හිනස්සන විහිලු.
රටේ ලොක්කෝ පොලිස් නිලධාරීන් පාවාදීලා තමන්ගේ විලි වසාගන්න හදනවා. මේ වැනි දේ සිදුවන්නෙ ලංකාවේ විතරක් වෙන්න ඇති. මෙම නිලධාරීන් නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් කලහැක්කේ ඕනෑකමින් තමන්ගේ කාර්යය පැහර හැරියොත් පමණි.
ජලය ගලන හැටි අධ්‍යනය කරලා කරන වැඩක් වගේ.