IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


’’පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජාතිවාදය පට්ට ගහලා බොරු වැපිරූ අය දැන් පාර්ලිමේන්තුවේ බොරු කීම නතර කරමු ලු. අපි ඒකට එකඟයි.ජාතික ආරක්ෂාව  ගැන විපක්ෂයේ උදවිය ඉතා සංවේදීව කරුණු දක්වනවා. අප පාස්කු ප්‍රහාරය පියවරින් පියවර හෙළිදරව් කරමින් සිටිනවා.ඒක එක දවසින් හෙළි වන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව්ව අප විසින් කරනවා.අප රටේ පාතාලය හා මත්ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධයි.
එමෙන්ම දේශපාලනයත් සම්බන්ධයි.කුඩු වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත් වූ විට දැන් ඔය කුඩු ගැන කතා කරන මන්ත්‍රීවරයාගේ  තාත්තා  ගිහින් ඒ මන්ත්‍රීවරයා බදා ගත්තා. පාතාලයේ කුඩු ජාවාරමේ දේශපාලන හිස දැන් ගලවා දමා තිබෙනවා.පියවරෙන් පියවර සියලු ප්‍රශ්න විසඳීමට අප මැදිහත් වෙමින් තිබෙනවා.

ආපදාවට පෙර එය කළමනාකරණයට මැදිහත්වීම සඳහා අප රජය අවධානය යොමු කර තිබෙනවා.ආපදා කළමනාකරණය කියන්නේ ගංවතුරක් ඇති වූ විට කෑම ටිකක් බෙදන එක විතරක් නෙමෙයි.ආපදා කමිටු නැවත ප්‍රතිසංවිධාන කිරීම ද අප අරඹා තිබෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (3)

’’පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනවා’’

ඉන්දික Friday, 28 February 2025 09:57 PM

දැන් කොච්චර කාලයක් තිස්සේ හෙලිකරනවාදනේ.. දැන් මාස 5කුත් ගියා.. ඒ කිව්වේ රජයේ ආයු කාලයෙන් 10%ක්. ඉතිරි 90 ඔහොම්ම යාවි... ඔයාලත් ගෙදර යාවි...

:       5       59

Casmir Saturday, 01 March 2025 09:03 AM

ඇත්තෙන්ම මේ මිනිස්සුන්ට කරන්ඩ දෙයක් නෑ , කරගන්ඩ බෑ , මේ මිනිස්සු විපක්ෂේම ඉදලා , උද්ගෝෂණ වැඩ වර්ජන කළා මිස වගකීමක් අරගෙන වැඩකරලා පුරුද්දක් නෑ , තාම විවේචන විතරයි.

:       2       43

ගැමුනු Saturday, 01 March 2025 01:59 PM

මෙ කටිටියට මොකද වෙලා තියෙන්නේ .කියවනවා කියවනවා ඉවරයක් නෑ.වැඩ පටන්ගන්නේ කවද්ද.ඔවා අහලා දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ .ඔබලා හරියන්නේ විපක්ෂෙට රජයක් කරන්න බෑ.

:       2       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site