(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව හෙට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පාස්කු ඉරුදින යෙදී තිබු 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් විසින් ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම් දුනනේය
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවවිහාර, එල්.ටී.බී දෙහිදෙණීය, මුර්දු ප‍්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී නවාස් සහ ශීරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීර්ඝ විභාගයක් පැවැත්විණී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.