IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු නඩුවේ කරුණු යළි සළකා බලන්නැයි මෛත්‍රී ඉල්ලයි

(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල්4 නාලිකාව  මගින් නව තොරතුරු අනාවරණය කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මෙි බව දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  නඩුවේ තින්දුව සම්බන්ධව ⁣ගොනුකර ඇති මෝසම් සළකා බැලූ  අවස්ථාවේදීය

මෙම නඩුව බුවනෙක අලුවිහරේ, මුර්දු පුනාන්දු, එස්.තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන්  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ නව කරුණු  චැනල් 4 නාලිකාව මගින් අනාවරණය වි ඇති බවත් දැනට ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සහාවක් පත් කර ඇති බවත් එබැවින් මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙසත්ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගාමිණි පෙරේරා මහත කියා සිටියේ තීන්දුව නිසි අයුරින් ක්‍රියාත්මකව නොමැති බැවින් ඉදිරියේදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරන බවට මෝසමක් මාර්ගයෙන් දැනුම් දෙන බවය.

ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි චන්දක ජයසුන්දර මහතා කියා සිටියේ තම සේවාදායකයා වන්දි කොටසක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල් ගෙවා දැමීමට නොහැකි බවයි.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මෝසම නොවැම්බර් 2 වැනිදා සළකා බලන ලෙස නියෝග කළේය. 



අදහස් (1)

පාස්කු නඩුවේ කරුණු යළි සළකා බලන්නැයි මෛත්‍රී ඉල්ලයි

ගමේ එකාලා Saturday, 16 September 2023 02:08 PM

සත්‍ය කවදාවත් වසන් කළ නොහැකියි. කවදා හෝ එළිවෙනවා.. මෛත්‍රී බයවෙලාද දන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site