(ඉන්දිකා රාමනායක)
2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඔහු වෙත පැවරී තිබූ රාජකාරි ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් මෙම නිලධාරියාට එරෙහිව මුලික විමර්ශනයක් පවත්වා තිබුණි.
එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පොලිස් සැරයන්වරයා ට එරෙහිව විනය කඩ කිරීම, සම්බන්ධයෙන් චෝදනා 12 ක් යටතේ චෝදනා පත්‍ර නිකුත් කර ඇත.
එම චෝදනාවලට මුල් අවස්ථාවේදීම පොලිස් සැරයන්වරයා වරද පිළිගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් තමයි ජලය ගලා යන්නේ.නැති බැරි අහිංසකයන්ගේ සුළු වැරදිත් මහා ඉහළින් පෙනෙනවා. ඔවුන්ට දඬුවම් ද ඉක්මනින් හා දැඩිව ක්‍රියාත්මක වෙනවා.ඒත් තෝරුන් මෝරුන් තල්මසුන් හට එසේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ඇතුළු තවත් අය පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් ගැන ප්‍රසිද්ධ වේදිකා වලදී ඕනෑතරම් ඉඟි පළ කළ අවස්ථා තිබෙනවා.ඒත් කිසිවෙකු ඔවුන් කැඳවා ඒ පුද්ගලයන් කව්දැයි ඔවුන්ගෙන් තදින් ප්‍රශ්න කළේ නැහැ.අදටත් ඔවුන් කී දේ අඩංගු වීඩියෝ පට සොයා ගැනීමට අපහසු නැහැ. ඒත් සත්‍ය එලිවීම වැළැක්වීමට කුමන හෝ අදුර්ශමාන බලවේගයක් හරස්වී ඇති බව සිතෙනවා.
ඔන්න යාන්තම් ඇති, පාස්කු ප්‍රහාරයට අදාලව මහ මොළකරුට දඬුවම් කලා...
ඔව් ඔව් .කටාන පොලිස් සැරයන් හැරෙන්න .අනිත් අය 2019 පාස්කු දින හොඳට රාජකාරිය කරලා තියෙනවයි කියලා කාදිනල්තුමාත් මුළු රටවසියනුත් ඕගොල්ලන්ට හොඳට ප්‍රසංශා කරලා තිබුනා
ඔය ටික කරන්නත් වසර හතරකටත් වැඩියෙන් ගියා නේද...?