(මනෝප්‍රිය ගුණතිලක)

කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් බරපතල තුවාල කර බවට චෝදනා ලබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අදාල විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තබන්නැයි විනිසුරුවරු නියම කළහ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න  මාරසිංහ  යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළහ.