
(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීනගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද(14) පැවසීය
එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිත පිරිස් තවමත් අදාළ ධූර වලරැඳී සිටින හෙයින් ස්වාධීන සාධාරණ විමර්ශනයක් සිදුවීම සැකයට භාජන වන බවද උන්වහන්සේ කිය
එහෙයින් මාස තුනක් ඇතුළත ඊට අවශ්‍යය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව අදාළ කාර්යාලය සහ විමර්ශන නිලධාරියා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පියතුමා පැවසීය
මීට පෙර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවද සඳහන් කල සිරිල් ගාමිණී පියතුමා ඒ අනුව ් මෙම ක්‍රියාවද ජනාධිපතිවරණය හෝ මැතිවරණය ඉලක්ක කර ජනතාව රැවටීමට කළ දෙයක්දැයි යන සැකය තමන් තුළ තිබෙන බවද සඳහන් කළේය
කොළඹ අග රදගුරු මැදුරේ අද පැවති කතෝලික සභාවේ මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. කල්තියාම දැනගෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.. දැන් කමිටු දැම්මා කියලා වැඩක් වෙන එකක් නැහැ.
ජාතික ජන බලවේගය ආන්ඩුවක් පිහිටුවන තුරු නිසි ස්වාධීන පරිික්ෂණයක් වෙන මොකා බලයට ආවත් කරන්නේ නැති බව ඉර හඳ වගේ සහතිකයි.
මොනවා වුණත් අටපිරිකරක් අරන් ගිහින් වැඳලා, නූලක් බැඳන් ෂේප්වෙලා එන්න අමාරුයි....
මේකත් දවස් කීපයකින් නිමල් සිරිපාල නිදොස් කරපු වැඩේ වගේ තවත් නාටකයක් වෙන්න ඇති....
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කරන්න හිටපු ලොක්කෝ දෙන්නෙක් පමණ දැනට මාලිමාවේ වේදිකාවට නැගලා ඉන්නේ පරීක්ෂණ නොකර නේද? ඉතින් ජෙප්පන් පාස්කු ප්‍රහාරය හරියට කළේ නැහැ කියලා බෙරිහන් දෙද්දී කරන්න හිටපු අය ජෙප්පන්ට හේත්තුවෙලා ඉන්නවා. ඉතින් ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මේ පරීක්ෂණ හරියට ක්‍රියාත්මක නොවුනේ ජෙප්පන් සමග අදාල නිලධාරි එකතුවෙලා කළ කුමන්ත්‍රණයක් නිසා කියලා..
ඡන්දෙ කාලෙට උඩට එන ඒවා නේද ඔය.. කෝ ඉතින් හොයාගත්තු ඒවාවලටත් මොකුත් වෙච්ච නැති එකේ, මේකත් හොයාගෙන ඊටපස්සේ වාෂ්ප වෙලා යයි...
මේ රජයට කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසිමක්ය.. මහ බැංකු මගඩියත් කලේ එයා..ඉක්මනින් පන්වමු
අපි දාන කොමෙන්ට් මේවයි හරියට වැටිලා මිනිස්සු කියවනවා නම් මේ කවුරුවත් නෑ.