(රංජිත් රාජපක්ෂ)

බැම්මකට අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටිමෙන්  පුද්ගලයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි විමල් ජයසිරි නැමති (62) හැවිරිදි තිදරු පියයි.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා කුලි රැකියාවේ නිරත වන පුද්ගලයකු බවත් නාවලපිටිය මහවතුර ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටියදි නාවලපිටිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග පස්කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත.