( සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි .
පින්වත්ත , වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.
පිලිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග ඊයේ (05) රාත්‍රි පොලිසියට පැමිණිලි කර , ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය කීය.
දැරිය එදින රාත්‍රි 7.45 ට පමණ බත් පිසිමින් සිටියදී සැකකරු නිවස පැමිණ ඇති අතර දැරියගේ මව අසල වෙළද සැලකට ගොස් සිට ඇත.
රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු මෙතරම් හාල් මොකටද උයන්නේ යනුවෙන් පවසා රයිස් කුකුර් එකේ පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කීය.
මුහුණ සහ කම්මුල් වල පිලිස්සීම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් කරා යොමුකල බව පොලිස් නිළධාරීයෙක් පැවසීය .
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 16 පොඩි එකෙක් දන්නවද ගණනටම හාල් ලිපේ තියන්න .ඔහොම හරි කරන ළමයි ඉන්නේ කීයෙන් කී දෙනාද ?මේ නරුමයාට බත් වැඩිනම් ශීතකරණයේ තියා පසුව දාට ගන්න තිබුනා නේ
ඇත්ත ගැටලු තියෙන්නෙ කුස්සියේ. ක්ෂණික කෝපයක් ඇතිවෙන්න රටේ තත්ත්වයත් බලපානවා.
අම්මගෙ වරද හාල් කි. 1ක් 6දෙනෙකුට සෑහෙන බව දරුවට කියල දෙන්න තිබුනා. හාල් මනින්න හුන්ඩුවක් ගෙදර හදා ගන්න ඔනා. දරුවාගෙ මව ගොන් එලදෙනක්.
මිනිහා හිතාගෙන ඉන්නවා ඇති ගෙදර උයන්නෙ මිනිහට කෑමට විතරයි කියලා ඒකනේ එහෙම අහන්නෙ.