(බී.ජී. චතුරංග )
හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන් දෙදෙනකු, තරමක බර පතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර විජේපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ගල් කුලම පහළ කීරික්කුලම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.
ෙඅනුරාධපුර දහයියාගම හන්දියේ සිට, ඇණ කම්හල දෙසට ඩී.එස්.සේනානායක මාවතේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක පිටුපසින් එම දිසාවටම ගමන් කල කාර් රථයක් ගැටී දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
එම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ශනවලදී, එම මෝටර් රථ රියදුරා හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව කොස්තාපල්වරයෙකු (පොලිස් රියදුරු) ලෙස රාජකාරී කරන පුද්ගලයෙකු බව අනාවරණය වූ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ
සචින්ත Sunday, 21 April 2024 01:08 PM
පොලිසියේ පමණක් නොවෙයි රජයේ සේවයේ රියදුරු තනතුර සඳහා ගන්නේ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව තමයි. ඒත් පොලිස් රියදුරු අතින් මෙහෙම වුණා කියන්නේ ඔහු එම තනතුර දැරීමට නුසුදුසුයි කියලා ඔප්පු කිරීමක් කියන්න පුළුවන්. ඒ අනුව ඔහු සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න ඕනෑ. මොහුට තනතුර දුන්නු අයටත් පත්වීම නිර්දේශ කළ සැමටත් දඬුවමක් දියයුතුයි...