( තිලකරත්න දිසානායක)
ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අය මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී පස් පොඩ්ඩා නමැත්තා මීට පෙර මියගිය අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනකු ගම්පහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව , කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපිට අදාළ නැහැ...
අපට ඕවා අදාලම නැත.