
( ශාන්ත චන්ද්‍රසිරි)
බගවන්තලාව, තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) පස් කඳු කඩා වැටීම හේතුවෙන් වතු නිවාස පහකට හානි සිදුව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
එම වතුයායේ අංක එක වතු ලයිම් පේළියේ නිවාස පහක මුළුතැන්ගෙයි පිහිටි පිටුපස ප්‍රදේශයට මතට මෙම පස් කඳු කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් පහක පුද්ලයන් 30 කු ඉවත් කොට ඇතැයි බණ්ඩාර මහතා කීය.
වතු නිවසවල පදිංචි පිරිස වතුයායේ වෙනත් ආරක්ෂිත ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා දමා ඇති බවත්, වතු නිවාසවලට වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට ඉදිරියේ පියවර ගන්නා බව තෙරේසියා වතුයායේ වතු අධිකාරි ඉමේෂ් බෝගවත්ත මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd